April 16, 2024

භූමිතෙල් පෝලිමක ගැටුමක්

නුවරඑලිය නගරයේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලකින් භූමිතෙල් මිල දි ගැනිමට පැමිණි ප්‍රදේශවාසින් පිරිසක් නොසන්සුන්කාරි ලෙස හැසිරිම නිසා ඉන්ධන පිරවුම්හල අසල නුවරඑලිය හැටන් ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනා ගමනයට බාධා එල්ල වී තිබු බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

ඉන්ධන පිරුවුම්හල අසල විශාල පිරිසක් පෝලිම් වල රැදි සිටියද එම ඉන්ධන පිරවුම්හලට භූමිතෙල් තොග නොලැබීම හේතුවෙන් පෝලිම් වල රැදි සිටි පිරිස ප්‍රධාන මාර්ගයට පිවිස නොසන්සුන්කාරි ලෙස හැසිරිම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමනය විනාඩි 30 පමණ ඇණ හිට තිබෙනවා.

නුවරඑලිය මුලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රේමලාල් ජයසේකර මහතා කියා සිටියේ නුවරඑලිය හැටන් ප්‍රධාන මාර්ගයේ ධාවනය වන වාහන විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කර ප්‍රධාන මාර්ගයට පිවිස සිටි ප්‍රදේශවාසින් මාර්ගයෙන් ඉවත් කර මාර්ගයේ ගමනා ගමන කටයුතු විනාඩි 30 වැනි කෙටි කාලයක් තුල යථා තත්ත්වයට පත් කල බවයි.

Rate this item
(1 Vote)