April 28, 2024

කාන්තා දිනයේදී පෝලිම්වලට හිර වූ ලංකාවේ කාන්තාවන්

දින 05ක් පමණ කාලයක් තිස්සේ ගෑස් අර්බුධයක් යලිත් මතු වී තිබෙනවා.

අද දිනට යෙදී ඇති කාන්තා දිනයේදී කාන්තාවන්ට නිවසේ දෛනික වැඩකටයුතු සිදු කරගෙන යාම සඳහා ගෑස් ලබා ගැනීමට පෝලිම්වල රැඳී සිටීමට සිදු වී තිබෙනවා.

තම නිවසේ ඇති වැඩකටයුතු අතපසු කරගෙන, රැකියා සඳහා යාම අතපසු කරගෙන, ඇතැම් කාන්තාවන් සිය දරුවන් සමඟ පෝලිම්වල රැඳී සිටින අයුරු දැක ගන්නට ලැබුණා.

ගෑස් පෝලිම්වල රැඳී සිටින කාන්තාවන් සිය අදහස් පළ කළා,

"අපිට මෙහෙම වෙලා මදි. අපිට ජන්දය එපා කරවනවා."

"පුංචි ළමයි බඩගිනි නිසා ගෑස් එක ළඟ හිටගෙන ඉන්නවා."

"රජය දැන් අපිට ගෑස් පෙන්වනවා. කාන්තා දිනයේදී විඳවන හැටි පේනවනේ."

"අපි මෙහෙම දුක් විඳලා නැහැ."

"අපිටත් පාරට බහින්න වෙලා තියෙන්නේ. අපි හිතුවේ නැහැ අපිට මෙහෙම වෙයි කියලා."

පවතින ගෑස් හිඟය සම්බන්ධයෙන් කාන්තා ගෑස් අලෙවි නියෝජිතයන් මෙලෙස අදහස් දක්වා සිටියා,

"ගෑස් නැහැ. දවස් 5ක් විතර වෙනවා."

"කාන්තා දිනය වෙලත් කාන්තාවෝ පාරේ ඇවිදිනවා ගෑස් හොයා හොයා. අලෙවි නියෝජිතයෙක් වෙලා මටත් නැත්තම් තව මොනාද කියන්නේ."

ගෑස් හිඟය හේතුවෙන් බොහෝ දෙනෙකු භූමිතෙල් ලිප් භාවිතයට හුරු වුණා. 

කෙසේවෙතත් භූමිතෙල් ලබා ගැනීමට ද කාන්තාවන් පෝලිමේ සිටින අයුරු ද දැක ගන්නට ලැබුණා.

කාන්තා දිනය දවසේ කාන්තාවන්ට අත් වූ ඉරණම මෙයද? 

Rate this item
(0 votes)