May 14, 2024

හෙට විදුලිය කැපෙන හැටි මෙන්න

හෙට (09) දින විදුලි කප්පාදුව සිදු කිරීමට අදාළව විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති කාලසටහනට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අවසර ලබාදී තිබෙනවා.

ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K සහ L කලාප වෙත පෙරවරු 8.00ත් පස්වරු 6.00ත් දක්වා පැය 2ක් සහ මිනිත්තු 30 කාලයක් විදුලිය විසන්ධි කෙරෙනවා.

එම කලාපවල සවස් කාලයේ පස්වරු 6.00ත් 11.00ත් අතර පැයයි මිනිත්තු 15ක් විදුලිය විසන්ධි කෙරෙනවා.

ඊට අමතරව P, Q, R, S, T, U, V, W කලාපවල පෙරවරු 9.00ත් සවස 5.00ත් අතර පැය 2ක කාලයක් විදුලිය විසන්ධි කෙරෙන අතර සවස 5.00ත් 9.00ත් අතර පැයක කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිතයි.

විදුලිය කප්පාදුව සිදුවන ප්‍රදේශ හා වේලාවන් පිළිබඳ සම්පූර්ණ විස්තර මෙතැනින්

Rate this item
(34 votes)