April 28, 2024

භූමිතෙල් පෝලිමටත් විදුලි කප්පාදුව හරස් වෙයි

හැටන් ප්‍රදේශවාසින් ඊයේ (28) පස්වරුවේ සිටම භූමිතෙල් මිලදී ගැනිමට සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් වල රැදි සිටි බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා. 

ඊයේ (28) පස්වරු 6.00 ට පමණ එම ඉන්ධන පිරවුම්හලට භූමිතෙල් තොග ලැබීමත් සමඟ එම ඉන්ධන පිරවුම්හලේ සේවකයන් විසින් පාරිභෝගිකයන්ට භූමිතෙල් නිකුත් කරමින් සිටින අවස්තාවේ එකවරම පස්වරු 6.30 ට පමණ විදුලි කප්පාදු කිරිමත් සමග භූමිතෙල් නිකුත් කිරිම නතර කර තිබෙනවා.

පෝලිම් වල රැදි සිටි පිරිස කලහකාරි ලෙස හැසිරිම නිසා ඉන්ධන පිරවුම්හලේ සේවකයින් විදුලි ජනන යන්ත්‍රය ක්‍රියාත්මක කර යලිත් භූමිතෙල් නිකුත් කිරිමට පියවර ගෙන ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.

අද (29) උදෑසන වන විටත් ඉන්ධන පිරවුම්හල අසල භූමිතෙල් ලබා ගැනිම සදහා විශාල පිරිසක් පෝලිම් වල රැදි සිටි බවද අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළා.

Rate this item
(0 votes)