May 13, 2024

පොරොන්දුවක් පිට නතර කළ ශල්‍යකර්ම යළි අරඹයි

වෛද්‍ය උපකරණ සහ ඖෂධ හිඟය හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සියලු ශල්‍යකර්ම තාවකාලිකව නතර කිරීමට පියවර ගත් බව එහි අධ්‍යක්ෂ, වෛද්‍ය අර්ජුන තිලකරන්ත මහතා මීට පෙර සඳහන් කර තිබුණා.

නමුත් ඒ මහතා අද (29) නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, එම තීරණය අත්හිටුවා ඇති බවයි.

රෝහලේ සිදු කරන ශල්‍යකර්ම සඳහා අවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ ලබාදීමට වෛද්‍ය සැපයුම් අංශය පොරොන්දු බව ඔහුගේ නිවේදනයේ සඳහන් වෙනවා.

එබැවින් දෛනික ශල්‍යකර්ම තාවකාලිකව අත්හිටුවීමට ගත් තීරණය ක්‍රියාත්මක නොකිරීමට තීරණය කළ බවයි ඔහු තවදුරටත් සඳහන් කළේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 29 March 2022 12:36