May 08, 2024

සූර් වී රිය පැදවූ සෞඛ්‍ය ලොක්කා වරද පිළි ගනී

බීමත්ව රිය පැද වූ නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා නුවරඑලිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (29) වරද පිලිගත් නිසා නුවරඑලිය මහේස්ත්‍රාත් ජි.ජි.ප්‍රදිප ජයසිංහ මහතා තරයේ අවවාද කර රජයේ ගාස්තු වශයෙන් රුපියල් 1500ක් ගෙවන ලෙස නියෝග කර රියදුරු බලපත්‍රය මුදා හැර තිබෙනවා.

මෙසේ තරයේ අවවාද කර රජයේ ගාස්තු වශයෙන් රුපියල් 1500ක් ගෙවන ලෙස නියෝග කරනු ලැබුවේ නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කරනු ලබන මනතුංග මුදියන්සේලාගේ සුමිත් නිමල් මනතුංග යන අයටයි.

නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ බීමතින් රිය පැදවීමේ චෝදනාව මතයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සිය නිල රථයෙන් තලවකැළේ නගරයේ දී අත්අඩංගුවට ගෙන ඇත්තේ, තලවකැළේ පොලීසියට ලද පැමිණිල්ලකට අනුවයි.

Rate this item
(1 Vote)