April 26, 2024

හක්කපටස් බෝම්බයකට ගොදුරු වී අසාධ්‍යව සිටි අලි පැටවා මිය යයි (PHOTOS)

හක්කපටස් බෝම්බයකට හසුව බරපතල තුවාල ලබා වව්නියාව මහමයිලන්කුලම් සහ ආච්චිපුරම් අතර ප්‍රදේශයේ පිහිටි පැපොල් වගාවක සිටියදී සොයාගත් වනඅලි පැටවා මිය යාමෙන් පසු අවසන් කටයුතු අද (29) සිදුකල බවට වව්නියාව වනජීවි කාර්යාලය පවසයි.

අවුරුදු 06 ක් පමණ වයසැති අලි පැටවා හක්කපටස් බෝම්බයට හසුව ආහාර ගැනීමට අපහසු වී දැඩි අසාධ්‍ය තත්වයෙන් පැපොල් වගාවක සිටිනු දැක මීට දින තුනකට පෙර අසල්වාසීන් විසින් වව්නියාව වනජීවි නිලධාරී කාර්යාලයට දැනුම්දීමෙන් අනතුරුව එහි නිලධාරීන් පිරිසක් අදාල ස්ථානයට පැමිණ අලි පැටවා පරික්ෂා කර තිබෙනවා.

පසුව උතුරු පලාත් වනජීවි පශුවෛද්‍ය බී.ගිරිධරන් මහතා ඇතුලු වනජීවි නිලධාරීන් පිරිසක් පැමිණ හක්කපටස් බෝම්බයෙන් තුවාල වූ වනඅලි පැටවාට මූලික ප්‍රතිකාර දින දෙකක් පුරා සිදු කරද ඊයේ (28) දින අලි පැටවා මිය ගොස් තිබෙනවා.

අනතුරුව අලිපැටවාගේ මරණ පරික්ෂණ කටයුතු සහ අවසන් කටයුතු සිදුකල උතුරු පලාත් වනජීවි පශුවෛද්‍ය බී.ගිරිධරන් මහතා ඇතුලු වනජීවි නිලධාරීන් විසින් පවසා සිටියේ අලි පැටවා මීට සති දෙකකට පමණ පෙර හක්කපටස් බෝම්බයට හසුව ඇති බවටත් බෝම්බය පුපුරා යාමෙන් අලි පැටවාගේ මුඛය අභ්‍යන්තරය විශාල ලෙසින් හානි සිදු වී නිරාහාරවද සිටීමෙන් මරණයට පත්ව ඇති බවයි.

හක්කපටස් බෝම්බය තැබූ පුද්ගලයින් කවුරුන්දැයි යන්න මෙතෙක් හෙලි වී නොමැති අතර වැඩිදුර පරික්ෂණ කටයුතු වව්නියාව වනජීවි නිලධාරී කාර්යලය මගින් සිදු කරනවා.

සබැඳි පුවත් - හක්කපටස් බෝම්බයකට අලි පැටවෙකු ගොදුරු වෙයි (PHOTOS)

Rate this item
(1 Vote)