May 07, 2024

හක්කපටස් බෝම්බයකට අලිපැටවෙකු ගොදුරු වෙයි (PHOTOS)

වව්නියාව මහමයිලන්කුලම් සහ ආච්චිපුරම් ප්‍රදේශය අතර පිහිටි කැලෑබද ප්‍රදේශයක හක්කපටස් බෝම්බයකට ගොදුරු වූ වල්අලි පැටවෙකු ගොදුරු වීමෙන් දැඩි ලෙස තුවාල සිදු වී රෝගාතුරව සිටින බවට වව්නියාව වනජීවි කාර්යාලය පවසනවා.

මීට දින කිහිපයකට පෙර අදාල අලිපැටවා හක්කපටස් බෝම්බයකට ගොදුරු වී ඇති අතර පසුව ප්‍රදේශයේ පිහිටි පැපොල් වගාවකට පැමිණ රෝගීව සිටිනු ප්‍රදේශවාසියෙකු දැක ඒ පිළිබඳව වව්නියාව වනජීවි කාර්යාලයට දැනුම් දී තිබෙනවා.

අනතුරුව උතුරු පලාත් වනජීවි පශුවෛද්‍ය බී.ගිරිධරන් ඇතුලු වනජීවි නිලධාරීන් පිරිසක් විසින් අද (27) දින හක්කපටස් බෝම්බයට ගොදුරු වී සිටි අලිපැටවා සිටි ස්ථානයට ගොස් අලි පැටවා සිහිමුර්ජා කොට මූලික ප්‍රතිකාර කිරීමට පියවර ගෙන තිබෙනවා.

ප්‍රතිකාර කිරීමෙන් පුසව වනජීවි නිලධාරීන් පවසා සිටියේ අලි පැටවාගේ මුඛයට ඇතුලු අභ්‍යන්තරයට හක්කපටස් බෝම්බය පිපිරීමෙන් දැඩි ලෙස හානි සිදුව ඇති බැවින් අලි පැටවාගේ ජීවිතය දැඩි අවධානම් තත්වයක පවතින අලි පැටවාට ආහාර ගැනීමට අසීරු වී ඇති හෙයින් අලිපැටවාගේ දිවි බේරා ගැනීමට කලහැකි උපරිම ප්‍රතිකාර සිදු කිරීමට පියවර ගන්නා බවයි.

හක්කපටස් බෝම්බයට මෙලෙස ගොදුරු වී ඇත්තේ වයස අවුරුදු 6 ක පමණ අලිපැටවෙකු වන අතර බෝම්බය තැබූ පුද්ගලයින් කවුරුන්ද පිළිබඳව පරික්ෂණයක් සිදු කරන බවටද වව්නියාව වනජීවි නිලධාරී කාර්යාලය වැඩිදුරටත් පැවසුවා.

Rate this item
(0 votes)