May 01, 2024

ඇමති පුතාටත් ගහන්න පසු පෙළ සෙට් වෙයි: රාජ්‍ය ඇමති මැදිහත්වීමකින් ගැටුම නතර වෙයි

ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායකවරයායි.

ඔහු ජනක බණ්ඩාර තෙන්නකෝන් කැබිනට් ඇමතිවරයාගේ පුත්‍රයාද වනවා.

ස්ථාවරයේ වෙනස

මීට ටික කලකට පෙර ආණ්ඩුව වෙනුවෙන් තදින්ම පෙනී සිටි ඔහු මේ මෑතක දී සිය ස්ථාවරය වෙනස් කළා.

ඒ ආණ්ඩුවේ පසුපෙල මන්ත්‍රීවරුන් සිටින්නේ ආණ්ඩුවේ හැමදේකටම ඔව් කියමින් ආණ්ඩුව රකින්නට නොවන බවට දැඩි ප්‍රකාශයක් කරමින්.

ඔහු එම ප්‍රකාශය කළේ ජනතාව මේ වන විට මුහුණ දෙන දැඩි ආර්ථික ප්‍රශ්න පදනම් කරගෙන.

ප්‍රකාශය මතභේදයක් වීම

එම ප්‍රකාශය මේ වන විට මතභේදයක් බවට පත්ව තිබෙනවා.

ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් මේ විවේචනය මුල් කොටගෙන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාට ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම්ව සිටි බව වාර්තා වනවා.

ඒ ඉකුත් අඟහරුවාදා ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී.

ප්‍රති ප්‍රහාර සඳහා සූදානම

තමාට ආණ්ඩු පක්ෂයේ පසු පෙළින් ප්‍රහාරයක් එල්ල කරහොත් පෙරලා ප්‍රහාරයක් එල්ල කිරීමටත් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සූදානම්ව සිට තිබෙන්නේ ඊට තවත් මන්ත්‍රී කණ්ඩායමකගේ සහායද ඇතිවයි.

එහෙත් මේ සිද්ධිය කලින් දැනගත් කාංචන විජේසේකර හා ඉන්දික අනුරුද්ධ යන රාජ්‍ය අමාත්‍යවරුන් මැදිහත්ව ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් අතර ඇතිවීමට ගිය ගැටුම වැලැක් වූ බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මේ වන විට දරන ආණ්ඩු පක්ෂයේ සහකාර ලේකම් ධූරය ඔහුට හිමි වූයේ එම ධුරය දැරූ අසංක නවරත්න මහතා ව එම ධූරයෙන් ඉවත් කිරීම නිසා.

ශ්‍රී ලංකා මහජන පක්ෂය නියෝජනය කරන නවරත්න මහතාව එම ධුරයෙන් ඉවත් කළේ විමල් වීරවංශ පාර්ශවය නායකත්වය දෙන ආණ්ඩු පක්ෂයේ සන්ධානගත පක්ෂ 11 නියෝජනය කිරීම මුල් කොටගෙන.

Rate this item
(2 votes)
Last modified on Tuesday, 29 March 2022 09:29