March 29, 2024

තවත් තෙල් පෝලිමක සිටි අයෙක් මිය යයි

අතුරුගිරිය නගරයේ ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ලබාගැනීමට පැමිණි 85 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

පෙරේදා (26) මෙම පුද්ගලයා ඉන්ධන පෝලිමේදී මියගොස් ඇති අතර ඔහු අතුරුගිරිය, පෝරේ, ගල්පොත්ත පාරේ පදිංචි එම්. ජිනදාස පෙරේරා නමැති පුද්ගලයෙක්‌.

වෑන් රථයකින් ඉන්ධන ලබා ගැනීමට පැමිණි අදාළ පුද්ගලයා ඉන්ධන පෝලිමේ තෙවැනියට සිටියදී රෝගාතුර වී අතුරුගිරිය ප්‍රාදේශීය රෝහලට රැගෙන යනවිටත් මියගොස් සිට ඇතැයි අතුරුගිරිය පොලීසිය පවසනවා.

මියගිය පුද්ගලයා හෘද රෝගයකින් පෙළෙන්නෙකු බවත් සිද්ධිය වන අවස්ථාවේදී ඉන්ධන පිරවුම්හලේහි කිසිඳු තදබදයක් තිබී නොමැති බවත් පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Rate this item
(0 votes)