May 02, 2024

උතුරේ ජනතාවගේ නිවාස ගැටලුවට විසඳුමක්

උතුරු පළාතේ අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් නිවාස ලබාදීමේ ව්‍යාපෘතියක් සදහා කටයුතු සූදානම් කිරීම පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (08) පැවැත්වුණා.

එම සාකච්ඡාවේදී උතුරු පළාතේ අඩු ආදායම්ලාභී පවුල් වල ඇති මූලික ගැටලුව වන නිවාස නොමැති ප්‍රශ්නය හා අඩක් වැඩ අවසන් කොට ඇති නිවාස සම්පූර්ණයෙන් තනා නිම කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන සහ පහසුකම් ලබාදීම පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමුවී තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා උතුරු පළාතේ ඇති සියලුම වාණිජ බැංකුවල සහයෝගය ලබා ගැනීමද මෙහි එක අරමුණක් වන බවයි වාර්තා වන්නේ.

මෙම ව්‍යාපෘතිය සාර්ථක කිරීම සඳහා උතුරු පළාතේ රාජ්‍ය සේවකයින්ගේ පූර්ණ සහයෝගය ලබා දීමට ද එහිදී එකඟතාවයකට පැමිණ ඇති අතර උතුරු පළාත් ආණ්ඩුකාර ජීවනත්‍යාග රාජා මහතාගේ පූර්ණ අධීක්ෂණය හා මගපෙන්වීම යටතේ ඉතා කඩිනමින් මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිතයි.

උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලය, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සමග එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.

Rate this item
(1 Vote)