April 19, 2024

යූඇන්පීයේ යළිත් ගැටුම්: රනිල්ගෙන් රුවන්ට දරුණු කැපිල්ලක්: සාගලව උස්සයි

ඉතා අතලොස්සක පිරිසක් සිටින එක්සත් ජාතික පක්ෂය තුළ යළිත් අර්බුදකාරී තත්ත්වයක් හටගෙන තිබෙන බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

මෙවර අර්බුදය හටගෙන තිබෙන්නේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ නියෝජනය නායක රුවන් විජේවර්ධන යන මහත්වරුන් අතර.

අර්බූදය පිළිබඳ ඉඟිය

දෙදෙනා අතර අර්බුදයක් ඇති බවට පළමු ඉඟිය මතු වූයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ළඟම සමීපතයා වන සාගල රත්නායක මහතාට ජාතික සංවිධායක ධූරය ලබා දී ඔහුට වගකීම පැවරූ අවස්ථාවේ.

ඒ අවස්ථාවේ රුවන් විජයවර්ධන මහතාට පක්ෂ නායකයා විසින් භාර දී තිබූ රට පුරා යමින් පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ වගකීම සාගල රත්නායක මහතාට පැවරුවා.

ඒ විජේවර්ධන මහතා ඒ පැවරූ වගකීම හරිහැටි ඉටු නොකරන බවට කරුණු දක්වමින්.

තත්ත්වය බරපතළ වීම

මේ වන විට එම තත්ත්වය වඩාත් බරපතළ වී ඇති බවයි දැනගන්නට තිබෙන්නේ.

එ.ජා.පයට නව සාමාජිකයින් බඳවා ඉගෙන පක්ෂය ප්‍රවර්ධනය කිරීම සඳහා දියත් කෙරෙන "ගෙන්ගෙට" වැඩ සටහනේ සම්පූර්ණ වගකීම වික්‍රමසිංහ මහතා පවරා තිබෙන්නේ රත්නායක මහතාටයි.

ඒ අනුව එහි පළමු වැඩසටහන එළඹෙන මාර්තු 12 වන සෙනසුරාදා සහ 13 වන ඉරිදා යන දින දෙකේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරිමේ වගකීම රත්නායක මහතාට පවරා තිබෙනවා.

විජේවර්ධන මහතා ඥාතීත්වයට අනුව වික්‍රමසිංහ මහතාගේ ඥාති සොහොයුරා වන අතර ඔහුව මීළඟ එජාප නායකත්වය සඳහා පත්කිරීම වික්‍රමසිංහ මහතාගේ අභිප්‍රාය වූ බවට මතයක් මීට කලකට පෙර තිබුණා.

මීළඟ නායකයා

එහෙත් දැන් ඇතිව තිබෙන තත්ත්වය මත විජේවර්ධන මහතාව මීළඟ එ.ජා.ප නායකයා බවට වික්‍රමසිංහ මහතා විසින් පත් කිරීමට ඇති ඉඩකඩ ඉතා අවම බවයි පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

එ.ජා.පයේ නියෝජ්‍ය නායක ධුරය ඇති කළේ පක්ෂ අභ්‍යන්තරයේ ඇති වූ නායකත්ව අර්බුද වලට විසඳුමක් ලෙසයි.

එහෙත් එ.ජා.පයේ සිටි සෑම නියෝජ්‍ය නායකයකුම පක්ෂ නායකයා වූ වික්‍රමසිංහ මහතා සමඟ බරපතළ ගැටුම් ඇති කරගත් බව ප්‍රකට කරුණක්.

නියෝජ්‍ය නායක ඉතිහාසය

මුලින්ම එම ධූරයට පත් වූයේ කරු ජයසූරිය මහතායි.

ඉන් පසුව සජිත් ප්‍රේමදාස මහතා එම තනතුරට පත් වුණා.

ඔවුන් දෙදෙනම පක්ෂ නායක වික්‍රමසිංහ මහතා සමග කිහිපවිටක්ම අර්බුද ඇති කර ගත්තා.

Rate this item
(2 votes)
Last modified on Wednesday, 09 March 2022 10:14