May 13, 2024

ඖෂධ උපකරණ හිඟයි - පේරාදෙණිය මහ රෝහලේ සැත්කම් නවතා දමයි

ඖෂධ, වෛද්‍ය උපකරණ නොමැතිවීමෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සැත්කම් අද (29) සිට නවතා දැමීමට රෝහල් පාලන අධිකාරිය තීරණය කර තිබෙනවා.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුණ තිලකරත්න මහතා රෝහල් කාර්ය මණ්ඩලය වෙත ලිඛිතව දැනුම් දී ඇත්තේ රෝහලේ නිර්වින්දනය සහ ශල්‍යකර්ම සදහා භාවිත කරන අත්‍යවශ්‍ය ඖෂධ වර්ගවල සහ වෛද්‍ය උපකරණවල හිඟයක් පවතින නිසා මෙම තීරණය ගත් බවයි.

මේ සම්බන්ධයෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ කළමනාකාරීත්ව කමිටුව රැස්වී ඊයේ (28) සාකච්ඡාවක් ද පවත්වා තිබෙනවා.

මෙම පුවත සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමග මෙරට රැඳී සිටින ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජායිශංකර් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඊට ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඔහු එමගින් සඳහන් කර ඇත්තේ ඉන්දියාවට සහාය විය හැකි ආකාරය සම්බන්ධයෙන් සොයා බලන ලෙස තමන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා වෙත දැනුම් දුන් බවයි.

Rate this item
(0 votes)