March 29, 2024

තෙල් සංස්ථාව හා පිරවුම් හල් හිමියන් අතර ලාභ මුල් කොටගෙන අර්බූදයක් Featured

තෙල් ප්‍රශ්නය ඊට අදාල ක්ෂේත්‍ර තුළම ප්‍රශ්න ඇති කරන තත්ත්වයක් දක්වා වර්ධනය වී තිබෙනවා.

තමන්ට ලැබෙන මුදල මදි බව පවසමින් තෙල් ප්‍රවාහනය කරන බවුසකර හිමිකරුවන් ඉකුත් සතියේ වර්ජනයකට ලෑස්ති වුවත් එය අන්තිම මොහොතේ සාකච්ඡා මාර්ගයෙන් විසඳ ගත්තා.

අලුත්ම අර්බුදය

මේ වනවිට අලූත්ම අර්බූදය ගොඩනැඟී තිබෙන්නේ තෙල් සංස්ථාව හා ඉන්ධන පිරවුම් හල් හිමියන් අතරයි.

ඉන්ධන පිරවුම්හල් හිමියන්ට ලබා දෙන ලාභාංශය අඩු කිරිමට තෙල් සංස්ථාව තීරණය කර ඇති බවට ඉන්ධන පිරවුම් හල් හිමියන් හෙළිදරව් කරනවා.

ඒ සම්බන්ධයෙන් තෙල් සංස්ථාව චක්‍රලේඛනයක් තමන් වෙත එවා ඇති බවත් ඊට විරෝධය පළ කරන බවත් ඉන්ධන පිරවුම් හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමා රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට තිබෙනවා.

වට්ටම් සීමා කිරීම

තෙල් මිල දී ගන්නා විට 2019 ගෙවූ වට්ටම් සීමාවට යටත් කරන බව ඉන් දැනුම් දී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එසේ කළහොත් ඉන්ධන මිලදී ගැනීම සඳහා තෙල් සංස්ථාවට කරන ආයෝජනයට සරිලන ආදායමක් ලැබෙන්නේ නැති බවත් ඔහු සඳහන් කරනවා.

එම චෝදනාව ප්‍රතික්ෂේප කරන බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරිය වන කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය කියලා යන ඉන්ධන මිල මත පිරුම් හිමියන්ගේ ලාභ ප්‍රතිශතය ගණනය කිරීමේදී ඔවුන්ට අසීමිත ලාභයක් හිමි වී තිබෙන බව පෙන්වා දෙනවා.

Rate this item
(1 Vote)
Last modified on Monday, 21 March 2022 08:58