March 28, 2024

ඉන්ධන ලබාගන්න පැමිණි තවත් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණ සිටි තවත් පුද්ගලයෙකු ඇදවැටීමෙන් ජීවිතක්ෂයට පත් වූ පුවතක් අද (21) දිනයේදීත් වාර්තා වනවා.

ඒ මීරිගම නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හලකට ඉන්ධන ලබාගැනීමට පැමිණි 76 හැවිරිදි පුද්ගලයෙකුයි.

හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් බිම ඇදවැටී ඇති එම පුද්ගලයා මීරිගම රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර ඊයේ (20) සහ පෙරේදා (19) යන දිනයන්වලදී ද ඉන්ධන පෝලිම්වල රැඳී සිටි පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ පුවත් කඩවත සහ මහනුවර යන ප්‍රදේශවලින් වාර්තා වුණා.

Rate this item
(0 votes)