April 27, 2024

විදුලිය කැපිල්ල ගැන කොමිසමේ සභාපති කට අරියි : කපන්න ඉල්ලන්නේ වෘත්තීය සමිති - ඒක වැරදි වැඩක්

විදුලිය කැපීම කලින් දන්වා කළ යුත්තක්.

මේ නිසා ඒ පිළිබඳව මහජන උපයෝගීතා කොමිසමෙන් අවසර ගත යුතුයි.

කොමිසමේ සභාපති

එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා විශේෂ හෙළිදරව්වක් කරනවා.

ඒ ජනවාරි 25 (අද) සිට පෙබරවාරි 4 දක්වා දෛනිකව විදුලිය කැපීම සදහා හා විදුලිබල මණ්ඩලය කොමිසමෙන් අවසර ඉල්ලා ඇති බවටයි.

එම ඉල්ලීම් කරන්නේ ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති බවත් ඔහු අනාවරණය කරනවා.

වැරදි සහගත ක්‍රියාව

එසේ වෘත්තිය සමිති ඉල්ලීම් කිරීම වැරදි සහගත ක්‍රියාවක් ලෙසයි ඔහු පෙන්වා දෙන්නේ.

ඒ නිසා වෘත්තීය සමිති වල වගකීම ජනතාව ව්‍යාකූල කරන මෙම කටයුතු වලින් බැහැරව සිටීම බවයි රත්නායක මහතා පෙන්වා දෙන්නේ.

විදුලිය කපන වේලාවන් තීරණය කරන්නේ වෘත්තිය සමිති විසින් බව එළිදරව් කරන ඔහු එය සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක් බව අවධාරණය කරනවා.

යෝජනා තුන

අද සිට දින 11ක් විදුලි කප්පාදුවකට විදුලි බල මණ්ඩල වෘත්තීය සමිති ඉල්ලා ඇති බව එළිදරව් කරන සභාපතිවරයා ඒ සඳහා යෝජනා තුනක්ද එවා තිබෙන බව අනාවරණය කරනවා.

ඉන් පළමුවැන්නෙන් දිනකට පැය එකහමාරක විදුලිය කැපීමටත් , දෙවැන්නෙන් දිනකට පැය හයක කැපීමටත් , තුන්වැන්නෙන් දිනකට පැය නමයක විදුලිය කැපීමකටත් අවසර ඉල්ලා ඇති බව ඔහු පෙන්වා දෙනවා.

ඒ අනුව ඒ නිර්දේශය අද (25) ලබා දෙන බවයි සභාපතිවරයා සඳහන් කරන්නේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 25 January 2022 13:32