May 02, 2024

මෙරට තිබූ ඉන්දීය ධීවර යාත්‍රා 135ක් වෙන්දේසි කරයි! ඉන්දීය දේශපාලනඥයින්ගෙන් දැඩි විරෝධයක්

February 08, 2022

මෙරට භාරයේ පැවති ඉන්දීය ධීවර යාත්‍රා 135ක් වෙන්දේසි කිරීමට පියවර ගෙන තිබෙන බව ඒෂියන් මිරර් වාර්තාකරු පැවසුවා.

කරෙයිනගර් ධීවර වරායේදී ඊයේ (07) මෙම ධීවර යාත්‍රා වෙන්දේසි කර තිබෙනවා.

එමගින් රුපියල් පනස් දෙලක්ෂ විසි දහස් පන්සීයක මුදලක් ආණ්ඩුව උපයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, අදාළ ධීවර යාත්‍රා වෙන්දේසි කිරීමට දකුණු ඉන්දියාවේ ඇතැම් දේශපාලන නායකයින් ද විරෝධය පළ කර තිබෙනවා.

එමෙන්ම, අධිකරණය විසින් මුදා හරින ලද ඉන්දීය ධීවර බෝට්ටු වෙන්දේසි කිරීම නීති විරෝධී බව දන්වමින් එය වැළැක්වීම සඳහා මැදිහත් වන ලෙස ඉල්ලා තමිල්නාඩු මහ ඇමතිවරයා වෙත පසුගියදා ඉන්දීය ධීවරයින් ලිපියක් ද යොමු කර තිබුණා.

මේ අතර ඉන්දියාවේ රාමේෂ්වරන් ධීවර වරායෙන් මුහුදු ගිය තමිල්නාඩු ධීවරයින් 16 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙරට මුහුදු තීරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යාපනය ඩෙල්ෆ් දූපත් ආසන්නයේ දී මුහුදු සීමාවන් උල්ලංඝනය කරමින් මෙරට මුහුදේ මසුන් මරමින් සිටි මෙම ධීවරයින් පිරිස සමඟ ඔවුන් පැමිණි ධීවර යාත්‍රා තුනක් ද අත්අඩංගුවට ගත් බවයි ඉන්දීය ආරක්ෂක බලධාරීන් වාර්තා කරන්නේ.

මෙම පිරිස ශ්‍රී ලංකා නාවික හමුදා මුර යාත්‍රා මගින් නිරීක්ෂණය කර ඇත්තේ අද අලුයම් කාලයේ දී.

ඒ අනුව ඔවුන් අසලට පැමිණ සිදු කළ විමසීම් වලදී අදාළ යාත්‍රා තමිල්නාඩු ධීවරයින් සතු යාත්‍රා බවට වටහා ගැනීමෙන් අනතුරුව නාවික හමුදාව විසින් ඊයේ අළුයම 2.30ට පමණ අදාල අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 08 February 2022 16:33