May 11, 2024

ප්‍රධාන මාර්ගයක් අසළ අබිරහස් සිරුරක් (PHOTOS)

February 08, 2022

මන්නාරම ප්‍රදේශයේ මාර්ගයක තිබී මළ සිරුරක් හමු වී තිබෙනවා.

ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළේ මෙම සිරුර මන්නාරම, අඩම්පන් පොලිස් වසමේ, පල්ලමඩු - විඩත්තලතිව් ප්‍රධාන මාර්ගයේ තිබී සොයාගත් බව යි.

මිය ගොස් ඇති තැනැත්තා මන්නාරම, සන්නාර ගම්මානයේ පදිංචි පුද්ගලයෙකු බව මේවන විට අනාවරණය වී තිබෙනවා.

33 හැවිරිදි ඔහු දෙදරු පියෙකු බව සඳහන්.

මෙම පුද්ගලයා සිය නිවසේ සිට විඩත්තලතිව් ප්‍රදේශයට ගොස් ඇති අතර සවස යළි නිවසට නොපැමිණි නිසා ඥාතීන් ඔහු පිළිබඳ සොයා බැලීමක් සිදු කොට තිබෙනවා.

සිරුර හමුවී ඇත්තේ ඒ අනුව යි.

මෙම පුද්ගලයා සිය ගමන පිටත්ව ගොස් ඇත්තේ යතුරුපැදියෙන්වන අතර එම යතුරුපැදිය ද මළ සිරුර අසළ තිබී හමු ව ඇති බව අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළා.

ඥාතීන් මේ පිළිබඳ පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව අඩම්පන් පොලීසියේ නිලධාරීන් පැමිණ පරීක්ෂණ පවත්වා මළ සිරුර රැගෙන ගොස් ඇති බව වාර්තා වූවා.

මියගිය තැනැත්තා යතුරුපැදියෙන් පැමිණෙන විට යම් අනතුරකට මුහුණ දුන්නේ ද, හදිසි අසනීපයකට ලක්වූයේ ද, එසේත් නැත්නම් මෙය ඝාතනයක් ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව අඩම්පන් පොලීසිය ඒෂියන් මිරර් වෙත සඳහන් කළා.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 08 February 2022 19:53