April 26, 2024

අසාධාරණයි: මුරුත්තෙට්ටුවේ හිමි - බේත් ගන්න ආ ජනතාව තවම අසරණයි

February 08, 2022

දිවයිනේ රෝහල්වල හෙද, පරිපුරක සහ අතුරු වෛද්‍ය සේවාවන්හි වෘත්තීය සමිති 18ක් අදත් වර්ජනයේ නිරත වනවා.

එම වර්ජනය ඔවුන් ආරම්භ කළේ ඊයේ දිනයේදීයි. ඒ වැටුප් විෂමතාවය ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් 7ක් මුල් කර ගනිමින්. 

මේ හේතුවෙන් කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් රැසක සේවා වලට අදත් දැඩි බලපෑම් එල්ල වූ බව ඒෂියන් මිරර් වාර්තාකරුවන් සඳහන් කළා.

කෙසේවුවත් පිළිකා රෝහල, ළමා රෝහල් සහ කොවිඩ් රෝහල් ඇතුළු රෝහල් 10ක මෙම වර්ජනය ක්‍රියාත්මක වන්නේ නැහැ.

නමුත් සිය ගැටළු වලට සතියක් ඇතුලත කඩිනමින් විසඳුම් ලබා නොදුනහොත් ඉදිරියේදී එම රෝහල් වලද වර්ජන ක්‍රියාමාර්ගය සිදු කරන බවයි වර්ජනයේ නිරත වෘත්තීය සංගම් පවසන්නේ.

මේ අතර රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සඳහන් කලේ සිය ඉල්ලීම් වලින් කරුණු හතරක් සඳහා මේ වන විටත් එකඟතාවය පළ වී ඇති පසුබිමක මෙම වර්ජන ක්‍රියාමාර්ගය අසාධාරණ බවයි.

එමෙන්ම ඉතිරි ගැටළු සඳහා විසඳුම් ලබා දීමට පොරොන්දු වී ඇතැයි ද උන්වහන්සේ පැවසුවා.

මේ අතර වර්ජනයේ නිරත වෘත්තීය සංගම් අද පෙරවරුවේ කොළඹ විහාර මහා දේවී උද්‍යානය ඉදිරිපිට විරෝධතාවය නිරත වූ අතර පසුව ඔවුන් සෞඛ්‍ය අමාත්‍යාංශය දක්වා ගමන් කළා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 08 February 2022 16:22

Related items