April 26, 2024

තවත් සංගමයක බලය මාරු වෙයි - පරිපාලනය මුරුත්තෙට්ටුවේ හිමිට දෙන්නැයි පැමිණිල්ලක්

මත්තේගොඩ බෞද්ධ මන්දිරයේ පරිපාලනය බෞද්ධ සංගමයෙන්‌ ඉවත්‌ කොට වෙනත්‌ පාර්ශ්වයකට පැවැරීම සම්බන්ධයෙන්‌ මතුව ඇති ගැටලුව මේ මස 30 වැනිදාට පෙර කොළඹ සරසවියේ කුලපති ආචාර්ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්‌ සමඟ සාකච්ඡා කොට අවසන්‌ එකඟතාවකට පත්‌ වීමට දෙපාර්ශවය එකඟ වූ බව මත්තේගොඩ පොලිසිය පවසනවා.

මත්තේගොඩ බෞද්ධ මන්දිරයේ පරිපාලනය ආචාර්ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට පැවරීමට වත්මන්‌ පාලක මණ්ඩලය ගෙන ඇති පියවර සම්බන්ධයෙන්‌ මතුව ඇති ගැටලුව පිළිබඳව හිටපු නිලධාරි මණ්ඩලය සහ වත්මන්‌ නිලධාරී මණ්ඩලය පොලිසියට කර තිබූ පැමිණිලි පසුගිය 23 වනදා විභාග කිරීමෙන්‌ අනතුරුව එම එකඟතාවට පැමිණ තිබෙනවා.

ඒ සම්බන්ධයෙන්‌ වත්මන්‌ නිලධාරී මණ්ඩලය පැමිණිලි දෙකක්ද හිටපු නිලධාරී මණ්ඩලය එක්‌ පැමිණිල්ලක්ද පොලිසියට කර තිබෙනවා.

ඒ අනුව සහකාර පොලිස්‌ අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන්‌ අදාළ පැමිණිලි විභාග කළ අතර එහිදී හිටපු නිලධාරී මණ්ඩලය කරුණු දක්වමින්‌ කියා සිටියේ මෙම බෞද්ධ මන්දිරය වසර 40කට ආසන්න කාලයක්‌ පරිපාලනය කරනු ලැබුවේ බෞද්ධ සංගමයක්‌ මඟින්‌ බවත්‌ ඉදිරියටත්‌ එලෙස පරිපාලන කටයුතු සිදු කිරීමට අවස්ථාව දෙන ලෙසයි.

එහිදී මත්තේගොඩ බෞද්ධ මන්දිරය නිවාස සංවර්ධන අධිකාරිය මඟින්‌ වසර පහක්‌ සඳහා ආචාර්ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පදනමට පවරා ඇති බවත්‌ ඉදිරියේදී එම පදනම මඟින්‌ මෙම ස්ථානයේ පරිපාලනය කරන බවට කරුණු අනාවරණය වු බවත්‌ පොලිසිය පැවසුවා.

එහිදී හිටපු නිලධාරී මණ්ඩලය පවසා සිටියේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පදනමට මෙම ස්ථානය දියුණු කිරිමට අවශ්‍යතාවක්‌ සද්භාවයෙන්‌ ඇත්නම්‌ එය පවරා ගැනීමකින්‌ තොරව සිදුකළ හැකි බවයි.


Rate this item
(2 votes)
Last modified on Thursday, 27 January 2022 10:37

Related items