April 25, 2024

"කේවට්ටයන් නිසා රට ගෙනියන්න බෑ" - මුරුත්තෙට්ටුවේ හිමිගෙන් සැර ප්‍රකාශයක්

December 31, 2021

ආණ්ඩුව ඇතුළේ පොඩි පොඩි ප්‍රශ්න ඇති බවත් ජනපති වටා සිටින කේවට්ටයින් නිසා අද රට ගෙන යෑමට නොහැකි වී ඇති බවත් කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති සහ නාරාහෙන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසුවා.

එක කේවට්ටයකු නම් ඉවත්වූ බව ද උන්වහන්සේ සඳහන් කළා.

ආනන්ද හිමියන් මෙසේ පැවසූවේ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී මාධ්‍යවලට අදහස් දක්වමින්.

පොහොර සම්බන්ධයෙන් එක කේවට්ටයකු දුන් උපදෙස් නිසා ජනතාවට අද මුළු රටම එපා වී ඇතැයි පැවසූ ආනන්ද හිමියෝ ඩොලර් පස්සෙ නොයා මේ අය එහා මෙහා කළොත් සියලු ප්‍රශ්නය විසඳිය හැකි බවද ප්‍රකාශ කළා.

"අගමැතිතුමා යනවා නම් අපිට කියලා යන්නේ. මහින්ද රාජපක්ෂ එලවන්න කුමන්ත්‍රණයක් ද දන්නේ නැහැ. අද රටේ පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා. ජනපති වටා ඉන්න අය නිසා රට ගෙනියන්න බැහැ. එක කේවට්ටයෙක් නම් දැන් බැහැරවෙලා. අයියා මල්ලී එකතුවෙලා ඩොලර් පස්සෙ නොයා.., ඉන්න අය හුවමාරු කළොත් රට කරන්න පුලුවන්. පොහොර ගැන කේවට්ටයෙක් උපදෙස් දුන්නා. අන්තිමට ජනතාවට රට එපාවුණා. ගෑස් පිළිබඳත් එහෙම වුණා. වෙන්න යන දේ වළක්වාගන්න නම් මහින්ද මහත්තයා ගිහින් හරියන්නේ නැහැ. මහින්ද මහත්තයා මේකේ ඉන්න ඕනේ. තීන්දුවක් ගත්තානම් වහාම අත්හරින්න. ජනපතිතුමනි කේවට්ටයින් ඉවත්කරන්න. ශෝධනයක් කළොත් ඉලක්කයට යන්න පුළුවන්. හණමිටි බදාගෙන ගියොත් අපිත් රටත් විනාශයි. විවේක ගන්න පිටරටම යන්න ඕනේ නැහැනේ. බලයට පත්කරපු ජනතාව හාමතේ තියලා හෝටල්වලට ගියපු එක ගැන ජනතාව තීන්දු කරයි."

Rate this item
(0 votes)
Last modified on Thursday, 30 December 2021 21:56

Related items