April 24, 2024

මහින්ද එළවීමේ කුමන්ත්‍රණයක් - යනවා නම් මට කියනවා

December 30, 2021

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ධුරයෙන් ඉවත්වන බවට පැතිර යන ප්‍රකාශ සම්බන්ධයෙන් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අදහස් දක්වා තිබෙනවා.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉවත්වන්නේ නම් ඒ පිළිබඳ තමන් ඇතුලු පිරිසට දැනුම් දෙන බවයි.

නාරාහේන්පිට අභයාරාමයේ ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපතිවරයාට රට හැදීම පිළිබඳ නිසි දැක්මක් ඇතත් ඔහු වටා සිටින ඇතැම් පිරිස් ඊට බාධා පමුණුවන බවයි.

"අගමැතිතුමා යනවා නම් අපිට කියලා යන්නේ. මහින්ද රාජපක්ෂ එලවන්න කුමන්ත්‍රණයක් ද දන්නේ නැහැ. අද රටේ පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා. ජනපති වටා ඉන්න අය නිසා රට ගෙනියන්න බැහැ. එක කේවට්ටයෙක් නම් දැන් බැහැරවෙලා. අයියා මල්ලී එකතුවෙලා ඩොලර් පස්සෙ නොයා ඉන්න අය හුවමාරු කළොත් රට කරන්න පුලුවන්. පොහොර ගැන කේවට්ටයෙක් උපදෙස් දුන්නා. අන්තිමට ජනතාවට රට එපාවුණා. ගෑස් පිළිබඳත් එහෙම වුණා. වෙන්න යන දේ වළක්වාගන්න නම් මහින්ද මහත්තයා ගිහින් හරියන්නේ නැහැ. මහින්ද මහත්තයා මේකේ ඉන්න ඕනේ. තීන්දුවක් ගත්තානම් වහාම අත්හරින්න. ජනපතිතුමනි කේවට්ටයින් ඉවත්කරන්න. ශෝධනයක් කළොත් ඉලක්කයට යන්න පුළුවන්. හණමිටි බදාගෙන ගියොත් අපිත් රටත් විනාශයි. විවේක ගන්න පිටරටම යන්න ඕනේ නැහැනේ. බලයට පත්කරපු ජනතාව හාමතේ තියලා හෝටල්වලට ගියපු එක ගැන ජනතාව තීන්දු කරයි."

Rate this item
(0 votes)
Last modified on Thursday, 30 December 2021 14:53