April 26, 2024

කුලපති හිමිගෙන් උපාධිය ගන්න බැහැ කියූ තරුණියගේ වගතුග එළියට (PHOTOS)

December 23, 2021

පසුගියදා කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවයේදී සරසවි සිසුන් වත්මන් කුලපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අතින් උපාධි සම්මාන ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව සමාජයේ දැඩි කතාබහක් ඇති වී තිබෙනවා.

කුලපතිහිමිගේ පත්වීම දේශපාලන පත්වීමක් බව කියමින් සිසුන් ආනන්ද හිමි අතින් උපාධිය ලබා ගැනීම ප්‍රතික්ශේප කරමින් සම්මාන සහතික උපකුලපතිවරයාගේ අතින් ලබා ගත්තා.

මෙලෙස විරෝධය පෑ උපාධි අපේක්ෂිකා ගයාත්‍රී නවරත්න, උප කුලපතිතුමිය විසින් වැළඳ ගෙන පිළිගැනීම ද විශේෂත්වයක් වුණා.

වාර්තාවන අන්දමට එම තරුණිය මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරකවරියක් ලෙස කටයුතු කර තිබෙන අතර 2014 උසස් පෙළ විභාගයේදී දිවයිනෙන්ම කලා විශයෙන් තුන්වන ස්ථානය හිමිව ඇත්තේ ඇයටයි.

මෙසේ කුලපති හිමිට විරෝධය පෑ තරුණිය අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරුවකු වන මහීල් බණ්ඩාරගේ පෙම්වතිය බවද සඳහන් වෙනවා.

මහීල් බණ්ඩාර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල හිටපු කැඳවුම්කරුවකු වන අතර හිටපු අමාත්‍ය මංගල සමරවීර විසින් පිහිටවනු ලැබූ 'සැබෑ දේශප්‍රේමියෝ' තරුණ කණ්ඩායමේ ක්‍රියාකාරී සාමාජිකයකු ද වෙනවා.

මේ අතර මුස්ලිම් තරුණියක් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අතින් උපාධි සම්මාන ලබා ගැනීම සම්බන්ධයෙන් ද සමාජයේ දැඩි කතාබහක් ඇති වී තිබෙනවා.

May be an image of 4 people and text that says 'MAD SL UNLIMITED'

May be an image of 3 people, beard and text

Rate this item
(0 votes)
Last modified on Wednesday, 22 December 2021 22:21