March 28, 2024

"බය නැත්තම් මිනිස්සු අතරට බහින්න" - අරගලයට ගිය දමිතාගේ රතු කට්ට පනී

දමිතා අබේරත්න කියලා කියන්නේ අපේ කලා ක්ෂේත්‍රයේ ඉන්න කවුරුත් ආදරය කරන දක්ෂ, ජනප්‍රිය, ප්‍රවීන රංගන ශිල්පිනියක්.

දශක තුනකට අධික කාලයක් මුළුල්ලේ කලා නිර්මාණ ගොන්නකින් ප්‍රේක්ෂක හදවතේ ලැඟුම් ගන්නට සමත් මේ අති දක්ෂ රංගන ශිල්පිනිය සරසවිය සම්මාන, ජනාධිපති සිනමා සම්මාන, සිග්නීස් සම්මාන, සුමති ටෙලි සම්මාන, රයිගම් ටෙලි සම්මාන ඇතුළු ජාතික මෙන්ම අන්තර්ජාතික සම්මාන උලෙළවලදී හොඳම නිළිය ඇතුළු සම්මාන ගොන්නකට හිමිකම් කියන්නියක්.

2004 වසරේදී “සුළං කිරිල්ලී” සිනමා පටයේ පෑ රංග ප්‍රතිභාව උදෙසා සරසවිය සම්මාන උලෙළේදී හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වන්නට පවා ඇයට වාසනාව හිමි වුණා.

බොහෝ අවස්ථාවන්වලදී සමාජ සත්කාර සේවාවන් වලටත් තමන්ට හැකි අයුරෙන් පෙනී සිටින ඇය නිතරම ජනතාවගේ පැත්තේ හිට ගත්තු කලාකරුවන් අතර එක්කෙනෙක්.

එනිසාම ජනතාවගේ ප්‍රශ්න ගැටළු බොහෝ දේවල් අභියස ඇයත් සංවේදී වුණා.

ඉතින් වර්තමානය වන විට රට තුළ පවතින ව්‍යාකූල තත්වය නිසා බොහෝ කලාකරුවන් තමන්ගේ මතය ඉදිරිපත් කරන්න පාරට බැහැලා තමයි ඉන්නේ.

ඒ අතරින් බයක් සැකක් නැතුව කියන්න තියෙන දේ කෙලින්ම කියමින් තමන්ගේ අදහස ඉදිරිපත් කරන්නත් දමිතා අබේරත්න අමතක කරේ නැහැ.

බොහෝ දෙනෙක් නිහඩ වෙලා ඉන්න අවස්ථාවක කෙලින්ම රජයට දැනෙන්න කරපු ඒ කතාව පිළිබඳව ගොඩක් දෙනෙක් ඇයට ස්තුතිවන්ත වෙලා තිබුණා.

"ඒ අස්සේ මහින්ද මහත්තයා කියනවා යක්කුන්ට බය නම් සොහොනේ ගෙවල් හදන්නේ නැහැලු. යක්කුන්ට බය නම් සොහොනේ ගෙවල් හැදුවේ ඔයගොල්ලෝ නෙමෙයි. අපි ඔබතුමන්ලා යක්කුන්ට බය නැත්නම් සොහොනේ ගෙවල් හදන්නේ නෑ කියලා ලොකු චණ්ඩිකම් කතා කරන්න එපා. එහෙම නම් එන්න මෙතනට. බය නැත්නම් බහින්න මිනිස්සු අතරට.

මේ මොකක් ද මේ ලැජ්ජා නැති වැඩේ? මිනිස්සුන්ව මෙහෙම පාවලා දුන්නා, මුළු රටක්ම. දැන්වත් දැනෙන්නේ නැද්ද ඔය හිත්වලට? ඔයගොල්ලන්ගේ පුත්තු සැපෙන් ඉන්න හින්දා ද මේවා දැනෙන්නේ නැත්තේ? අනිත් දරුවෝ බඩගින්නේ. ඒක දැනෙන්නේ නැද්ද? මේ කියන්නේ මොකක් ද කියලා ඇත්තට ම කාලකන්නි දේශපාලනඥයින්ට දැනෙන්නේ නැද්ද? කරුණාකරලා මේ ඉල්ලන ඉල්ලීම ඉෂ්ට කරන්න."

Rate this item
(0 votes)

Related items