March 29, 2024

තොරතුරු පනත ගැන ජනතාවට කියන්න මාධ්‍යවේදීන්ගෙන් අලුත් වැඩක්

“තොරතුරු දැන ගැනීමේ පනත” පිළිබදව රටපුරා සිටින ජනතාව දැනුවත් කිරීමේ පුළුල් වැඩසටහනක් ආරම්භ කිරීමට “රට වටා ජනමාධ්‍යවේදියෝ” සංවිධානය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව දිවයින පුරා විසිරී සිටින මාධ්‍යවේදීන් 30 දෙනෙකුව තොරතුරු දැන ගැනීමේ පනත සම්බන්ධයෙන් පුහුණු කරන්නන් ලෙස පුහුණූ කිරීමේ වැඩ සටහනක් පසුගියදා වෙන්නප්පුව – චින්තන පුහුණු පරිශ්‍රයේදී පවත්වා තිබෙනවා.

මෙම පුහුණු වැඩසටහනේ සම්පත්දායක ලෙස කටයුතු කර තිබෙන්නේ මාධ්‍යවේදී ආනන්ද ජයසේකර මහතායි.

තොරතුරු දැන ගැනීමේ පනත පිළිබදව පුළුල් දැනුමක් මාධ්‍යවේදීන්ට ලබා දීම මෙහිදී සිදු කරන තිබෙන අතර “දුෂණයෙන් තොර දේශයක් සදහා RTI” මැයෙන් මෙම වැඩසටහන නම් කර තිබෙනවා.

පාසල් දරුවන්, සිවිල් ප්‍රජාව මෙන්ම ස්වෙච්ඡා සංවිධාන නියෝජිතයින්ද  තොරතුරු දැන ගැනීමේ පනත සම්බන්ධයෙන් දැනුවත් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවද රටවටා ජනමාධ්‍යවේදියෝ සංවිධානය සදහන් කරයි.

ඒ ආකාරයට ලබා ගන්නා තොරතුරු ජනතාව අතරට බෙදා හැරීම සදහා වෙබ් අඩවියක්ද ඉදිරියේදී අරම්භ කිරීමට කටයුතු කරන බවද රට වටා ජනමාධ්‍යවේදියෝ සංවිධානයේ ලේකම් සුනිල් පැල්ලන්දෙණීය මහතා සදහන් කරයි.

(ජුඩ් සමන්ත)

Rate this item
(0 votes)

Related items