April 25, 2024

කලාකරුවන් පිරිසකටත් බරපතල චෝදනාවක් එල්ල කරමින් සංජීවනී වීරසිංහගෙන් සැර කතාවක්

සංජීවනී වීරසිංහ යනු ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක්.

එපමණක් නොවෙයි ඇය ක්ෂේත්‍රය තුළ ගායන ශිල්පිනියක ලෙසත් කටයුතු කරනු ලබනවා.

කොහොම නමුත් 1985 වර්ෂයේ සැප්තැම්බර් මස 6 වන ඇය සංගීත ක්ෂේත්‍රය තුළ මියුරු කටහඩටම ආවේණික වූ අනන්‍යතාවයක් ගොඩ නගා ගැනීමට ඇය සමත් වෙලා තිබෙනවා.

ඒ විතරක් නෙවෙයි ඇය තමන්ගේ නම රැකගනිමින් කලා ක්ෂේත්‍රය තුළ ඉතාමත් සාර්ථක ලෙස ගමන් කරනවා. 

කොහොමහරි ඉතින් වර්තමානයේදී නම අපට ඇයව වැඩිය රූපවාහිනිය ඔස්සේ දැකගන්නට නොලැබුනත් ඇය සමාජ මාධ්‍ය ජාලා තුළ නම් ක්‍රියාකාරී චරිතයක් ලෙසින් අපට නිරන්තරයෙන් දැකගන්නට ලැබෙනවා. 

කොහොම නමුත් මේ වන විට විවාහ වී සිටින ඇය තම ආදරණීය සැමියා සහ දරුවන් දෙදෙනා සමගින් ආදර්ශමත් පවුල් ජීවිතයක් ගත කරනු ලබනවා.

අමරිකාවේ – ලොස් ඇන්ජලිස් නුවරදී ඇයට ජනතා විරෝධයක් එල්ල වී තිබෙනවා.

ඒ සම්බන්ධ වීඩියෝවක් ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා.

ශ්‍රී ලංකාවේ පවතින දූෂිත පාලනයට එරෙහිව එරට ශ්‍රී ලාංකිකයින් විසින් සංවිධානය කරන ලද විරෝධතාවකට එක්වීමට පැමිණි ඇයට එහිදී ජනතා අප්‍රසාදය එල්ල වුණේ අදාළ විරෝධතාවයෙන් පිටව යන ලෙස බලකරමින්.

ඊට හේතුව ලෙස විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය බලයට ගෙන ඒමට සංජීවනී වීරසිංහ විසින් ද එකල සහයෝගය දැක්වූ බවයි.

කෙසේ වෙතත්, සංජීවනි වීරසිංහ සිය මුහුණු පොතේ සඳහනක් තබමින් කියා සිටියේ, පිරිසක් තමන්ට විරුද්ධ වූ නමුත් තමා එතැනින් නොගිය බවයි.

එසේම ඇය විරෝධතාවය අතර අදහස් දක්වන වීඩියෝවකුත් අන්තර්ජාලය වෙත මුදා හැර තිබුණා.

මේ අතර සංජීවනී වීරසිංහගේ යැයි සඳහන් ෆේස්බුක් පිටුවක් මේ වන විට දැඩි කතාබහට ලක්ව තිබෙනවා.

එය ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් වන අතර සංවිධනාත්මකව මෙම ගිණුම පිරිසක් විසින් ක්‍රියාත්මක කරන බවයි ඇය සඳහන් කරන්නේ.

ඇය තැබූ සම්පූර්ණ සටහන පහතින්,

FAKE......යන වචනය සැමදා පිළිකුල් කරමි..

Fake posts....fake සබඳතා....fake මිනිසුන්...සියල්ල මට අරහං .

මේ ,මා මෙන් පෙනී සිටිමින් ලියා ඇති තවත් FAKE පෝස්ටි එකක්.

මගේ නමින් පින්තූර යොදාගෙන ඉතාමත් සංවිධානගතව කරගෙන යන fake පිටුවක මෙසේද post එකක් යනබව මගේ හිතවතුන් කිහිපදෙනෙක් දන්වා සිටියා.මේ හරහා මා ලියන ආකාරයට විවිධ කලාකරුවන්ට අපහාස කරමින්, අරගලයට සහභාගිවන්නන්ට දොස් පවරමින්, පවතින රජයට පක්ෂපාතීත්වය දක්වමින්, වගේම මා කිසිදා භාවිතා නොකරන අසභ්‍ය වචන පවා භාවිතා කරමින් පෝස්ටු ලියන බව මා දුටුවා.

බැලූ බැල්මටම මෙය ව්‍යාජ account එකක් බව පැහැදිලි වුනත්, මේ අවභාවිතාව කරන මිනිසුන්ම බොරු ප්‍රොෆයිල්ස් වලින් ඔවුන්ම comments දමමින් , මෙය දිගටම කරගෙන යනවා. සමහරු හිතේ අසහනය දුරු කරගන්න....සාර්ථක චරිතයකට මඩගසා වීරයන් බවට පත්වන්න විවිධ comments දමමින් ඉන්නවා....

මේ අතර සම හරක් කලාකරුවන්ද , ක්ෂේත්‍රයේ සමහර අයද සිටින බව හිතවතුන් දන්වනවා...

සමහරක් පමනයි...වැදගත් අය නෙවෙයි .

ඒ ගැන මා කිසිසේත් පුදුම වන්නේ නෑ. ඒ සමහරුන් මෙන් පවුල කඩා නොගත් නිසා, අසභ්‍ය Vedio වල නොසිටි නිසා, නිරුවත් ඡායාරූප නොමැති නිසා ඉරිසියාව සහ වෛරය පිටකරගන්න ක්‍රමයකුත් එපෑ නේද ?...

ඇත්තෙන්ම වරප්‍රසාද , විශාල වැටුප් වලට ලත් උසස් තනතුරු යහතින් බුක්ති විඳින කලාකරුවන් බහුතරයක් නිහඬව සැගවී සිටියදී...විවෘතව මිනිසුන් වෙනුවෙන් අදහස් ප්‍රකාශ කල මට ,මේ සංවිධානාත්මකව එල්ල වන ප්‍රහාර හමුවෙි මා පැහැදිව දකින දෙය නමි සමහරුන් මාව විශාල අභියෝගයක් කරගෙන ඇති බවයි.

2020 අග බාගයේ සිටම මා හට මෙම රජ⁣යේ ඇතැමි ආයතන වල ප්‍රධානීන්, සමහර මැති ඇමතිවරුන්ගේ වගකීමි විරහිත ක්‍රියා කලාපයන් සහ සිදුවීගෙන යන තත්වය පිළිබඳ මගේ ඇති විවෙිචන මා මගේ මුහුණු පොතේ වරින් වර දැමූ බව දන්නා හිතවතුන් මේ ගැන සත්‍ය දන්වා විවෘත ප්‍රකාශයක් කරන මෙන් ඉල්ලා සිටිනවා....

සමහරු මෙම fake පිටුව රජයෙන් කරන බව කියනවා ( රටෙි මිනිසුන් වෙනුවෙන් කතා කරන නිසා ).

එය කාට ගැටළුවක් වුනත් මට ගැටළුවක් නෙමෙයි. මම එදා පවතින රජයට සහයෝගය දුන්නේත්...අද ,ඔවුන් කල සමහර හොද දේවල් ඇගයුවත් ,රටෙි මිනිසුන් පීඩාවට පත්වීමට මුල් වූ සියළුම වැරදි තීරණ විවෙිචනය කරන්නේත් මා සැමදා රටට යහපතක් වනවා දැකීමට කටයුතු කල නිසයි...

සමහරු මෙම fake පිටුව සංවිධානාත්මකව වෙනත් පක්ෂ වල අයවළුන් හෝ මම දැනට නම සඳහන් නොකරත් මා පිළිබද පසුගියදා පැතිරුනු බොරු vedio ව සමාජගතකල පිරිස කරන බව කියනවා.

මම....

කවුරුන් කරත් බොරුව බොරුවමයි කියා නිදහසේ මගේ වැඩටික කරගෙන යනවා....

මොකද සල්ලි දීලා, team හදාගෙන fake පිටු කරන්න? Vedio හදන්න මට වෙලාවක් නෑ.

බුරන හැම සුනඛයෙක්ටම ගල් ගහන්න මට වෙලාවකුත්, වුවමනාවකුත් නෑ .

මෙම ව්‍යාජ පිටුව ගැන report කල....සහ කරන සියළුම හිතවතුනට බොහොම ස්තූතියි .

මේ ටික ලිවි⁣වෙි මා මිතුරන් පවතින තත්වය ගැන දැනුවත් කිරීම මගේ වගකීම නිසා...

සැමටම සුභ දවසක්....

Rate this item
(0 votes)
Last modified on Sunday, 01 May 2022 14:29