March 29, 2024

"මිරිහානේදී මම පැටලිලා වැටුණේ නැහැ" - කෝකිල පවන් ඇත්ත හෙළි කරයි

කිරිඉබ්බන්දෙණියේ සිරිමල් අදටත් සිරි රජ සිරි සිනමා සිත්තම නරඹන විට අපේ ඇසට කදුළක් ගෙනෙන්නේ පුංචි කෝකිලගේ රංගනය එතරම්ම අපේ හදවත් හොරකම් කළ නිසායි.

කුඩා කල සිටම තම රංගන කුසලතාව වගේම ගායන හැකියාවත් මොනවට ප්‍රකට කළ කෝකිල අද බොහෝ කලා හැකියාවන්ගෙන් පිරිපුන් විවාහක තරුණයෙක්.

මේ දිනවල ස්‍වර්ණවාහිනි නාළිකාවේ දිග හැරෙන නාඩගම්කාරයෝහි අපූරූ රංගනය නිසා ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක්, ප්‍රසාදයක් දිනා ගනිමින් ජනප්‍රියත්වයේ ඉහළ තැනක ඉන්න මනමාලන් නැත්නම් කෝකිල පවන් මෙතෙක් මාධ්‍යයට හෙළි නොකර ප්‍රථම වතාවට රූපවාහිනී විනෝදාත්මක වැඩසටහනක් හරහා ප්‍රකාශ කෙරූ ආන්දෝලාත්මක කතාවක් පිළිබඳවයි අපි කියන්න යන්නේ.

කොයි කාටත් මතක සිදුවීමක් තමයි එදා අරගලය ආරම්භ වුණු මිරිහානේ සිද්ධිය.

අරගල භූමියට ආවට පස්සෙ බොහෝ දෙනෙක් වගේම කෝකිල අරගලයට සහභාගී වුණා.

කොහොමෙන් කොහොම හරි පොලිසිය විසින් අරගලකරුවන් විසුරුවා හරින්න විවිධ ක්‍රියාමාර්ග ගත්තා.

ඉතින් මේ විදිහට හැමෝම විසිරිලා ගියාට පස්සේ පසුදින කෝකිලගේ ඔලුව වෙළුම් පටියකින් බැඳ ගෙන ඉන්න ඡායාරූපයක් මුහුණු පොතේ හුවමාරු වුණා.

ඒ වගේම තමයි ඒ ඡායාරූපය කෝකිල තමන්ගේ මුහුණ පොතේ පළ කරලා “මිරිහානේදී වැටුනා කියලා සඳහනක් කරලා තිබුණා”

නමුත් පසුව කීපදෙනෙක් ප්‍රකාශ කරලා තිබුණා කෝකිල මිරිහානේදී වැටුණේ නෑ ඇත්තටම එයාට පහර දීලා කියලා.

කෙසේ නමුත් මෙහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳව කෝකිල කියලා කිසිම ආකාරයකින් කිසි දෙයක් ප්‍රකාශ කළේ නැහැ.

නමුත් පසුගිය දවසක රූපවාහිනිය විනෝදාත්මක වැඩසටහනකට ඇවිල්ලා ඔහු හරි ලස්සන අදහස් කීපයක් හුවමාරු කරගනිමින් මේ සිදුවීම පිළිබඳව කතා කළා.

මේ  සිද්දියේ ඇත්ත නැත්ත ඔහු ඒ විදිහට ප්‍රකාශ කරලා තිබුනෙ ප්‍රථම වතාවට.

“ඉස්සර බතල ටික මඤ්ඤොක්කා ටික කිලෝ එක එකසිය විස්සයි ද. කමක් නෑ ගන්න. කීයටවත් අහන්න එපා කටක් ඇරලා අනේ එකසිය විස්සක් වැඩේ 20ක් අඩු කරලා සීයට දෙන්න කියලා නං අහන්න එපා. ගන්න ඒක ස්වීප් එකක් ගන්නවනම් එකක් ගන්න මිනිස්සු ඉන්නවා නේ. ඒ වගේම පහක් ගන්න මිනිස්සුත් ඉන්නවනේ. පහක් අරගෙන එකක් එයාට දෙන්න. මම සාමාන්‍යයෙන් කරන දෙයක්. කොයි වෙලාවේ හරි හම්බුනොත් ඒක එයාට. ඒ වගේම තමයි මම 31 වෙනිදා කෝකිල සූටින් මාටින් ඉවරවෙලා මම ගෙදර යනවා.

වයිෆ් කෝල් එකක් දීලා කියනවා මම යාලුවගෙ ගෙදර පාඩම් කරනවා එකට ඇවිල්ල මාව ගන්න කියලා.මම යනකොට ටෙලිවිෂන් එකේ live එකක්. මම ඒක දිහා බලාගෙන උඩතට්ටුවට යනවා. මම ආපහු පල්ලෙහාට එනවා. බැලින්නම් තිස් එක් වෙනිදා හැමෝටම මතකයි මිරිහානේ සිද්ධිය. මොකුත් කියන්නැතුව මම ගන්නවා කාරෙක වයිෆ් ගෙන් අහනවා යන්ද කියලා එක පයින් මටත් වඩා මොරාල් එකෙන් එයා යන් කිව්වා. මෙච්චරයි කියන්න තියෙන්නෙ මම පැටලිලා වැටුණේ නැහැ. මම කෙනෙක්ගෙ ජොබ් එක වෙනුවෙන් කිව්වේ පැටලිලා වැටුනා  කියලා. මම පැටලිලා වැටුණේ නැහැ.”

Rate this item
(0 votes)
Last modified on Tuesday, 03 May 2022 08:18

Related items