April 25, 2024

ලෝකෙට පේන්න දෙවිවරු වගේ හැසිරුණාට වැඩක් නැහැ – ශෙරිල්ගෙන් සැර කතාවක්

ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත්ව කාලයක් හැමෝගෙම ආදරය හිමිකර ගත් සුරූපී රංගන ශිල්පිනියක් තමයි ශෙරිල් ඩෙකර් කියල කියන්නේ.

ඇත්තෙන්ම තමන්ටම ආවේණික වු රංගන හැකියාවක් ඇති ඇයට ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත්වීමට ගතවෙන්නේ ඉතාමත් කෙටි කාලයක්.

ඒ බව රහසක් නොවෙයි.

මේ අතර ඇයව අපට දක්ෂ රංගන ශිල්පිනියක ලෙස පමණක් නොවෙයි දක්ෂ නර්තන ශිල්පිනියක ලෙසත් හදුන්වන්න පුලුවනි.

කොහොම නමුත් ඇගේ පළමු ටෙලිනාට්‍ය අත්දැකීම වෙන්නේ ස්වාධීන රූපවාහිනියේ විකාශය කෙරුණු ‘අමා’ කියන ටෙලි නාට්‍යයටයි.

ඇය මෙම ටෙලි නිර්මාණයේ අමා කියන චරිතයට සිය රංගන දායකත්වය ලබා දුන්නු අතර මේ චරිතයට ලාංකීය ප්‍රේක්ෂක ප්‍රතිචාර විශාල ප්‍රමාණයක් හිමි වුණා.

කොහොම නමුත් ශෙරිල් මෙම නිර්මාණයේ ගැමි තරුණියකගේ චරිතයක් නිරූපණය කිරීම නිසාවෙන් ඇයට වෙනම ආදරේ කරන ප්‍රේක්ෂක පිරිසක් නිර්මාණය වුණා.

එලෙස කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත්වන ඇය ටික කාලයක් යන විට විවාහ දිවියට ඇතුළත් වෙනවා.

ඒ සංගීත ක්ෂේත්‍රය තුළ ඉන්න ජනප්‍රිය ගායකයකු වන රුවන් හෙට්ටිආරච්චි එක්කයි.

ඉතින් මේ ආදරණීය යුවළ විවාහ වෙලා දැන් අවුරුදු ගාණක් ගත වෙලා.

ඉතින් ශෙරිල් සිය මුහුණුපොතට විවිධාකාරයේ සටහන් එකතු කරන්න අමතක කරන්නෙත් නැහැ.

ඒවාට බොහෝ දෙනෙක්ගෙන් විවිධාරයේ ප්‍රතිචාර ලැබෙනවා.

ඉතින් ඇය සිය මුහුණුපොතට එකතු කරපු තවත් සටහනක් තමයි මේ.

Rate this item
(0 votes)

Related items