April 18, 2024

කුලපති හිමි අතින් උපාධිය ගන්න බැහැ කියයි - මුරුත්තෙට්ටුවේ හිමිට දැඩි විරෝධයක්

December 18, 2021

ඊයේ පැවැති කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවයේදී සරසවි සිසුන් වත්මන් කුලපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අතින් උපාධි සම්මාන ලබා ගැනීම ප්‍රතික්ෂේප කොට ඇති බව වාර්තා වෙනවා.

කුලපතිහිමිගේ පත්වීම දේශපාලන පත්වීමක් බව කියමින් සිසුන් ආනන්ද හිමි අතින් උපාධිය ලබා ගැනීම ප්‍රතික්ශේප කරමින් සම්මාන සහතික උපකුලපතිවරයාගේ අතින් ලබා ගෙන තිබෙනවා.

එසේම විශ්ව විද්‍යාල ආරංචිමාර්ග පවසන පරිදි උපාධි උළෙලට පැමිණි ඇතැම් සිසුන් සම්පූර්ණයෙන්ම කලු වර්ණයෙන් සැරසී විරෝධය ඵල කර තිබෙනවා.

Rate this item
(17 votes)

Related items