April 19, 2024

සෞඛ්‍ය වර්ජනය ඉවරයක් නැහැ : අපිට සමාන වෙන්න බැහැ - වෛද්‍යවරු එක හඬින් කියයි

February 09, 2022

වෛද්‍ය වර්ජනය තුන්වැනි දිනටත් ක්‍රියාත්මක වෙමින් දිග් ගැස්සෙමින් පවතිනවා.

ඒ අනුව රෝහල් වලින් ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් දැඩි අපහසුතාවයට පත් වූ බව දිවයිනේ බොහෝ ප්‍රදේශ වලින් වාර්තා වුණා.

වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමිනුයි මෙම දීප ව්‍යාප්ත වර්ජනය ආරම්භ කලේ.

මේ හේතුවෙන් කොළඹ නගරයේ අද දවසේ තිබු විරෝධතා පෙළපාලි හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් ඇති වුණා.

ඒ සම්බන්ධයෙන් ද ජනතාව දැඩි විරෝධතාවයක් පළ කර තිබුණා.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා සෞඛ්‍ය වර්ජනය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කියා සිටියේ මෙලෙස වැටුප් විෂමතා වෙනස් කරන්නේ නම් සිය සංගමය ද වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බවයි.

"වැඩ වර්ජනය කිරීම නෙවෙයි තියෙන්නේ. වැටුප් වැඩි කිරීම සිද්ධ කිරීම හරහා වැටුප් විෂමතාවයක් ඇති වීම වැලැක්විය යුතුයි. මොකද වෛද්‍යවරයෙකුගේ වැටුපයි, හෙදියකගේ වැටුපයි, සුළු සේවකයෙකුගේ වැටුපයි එක සමාන තලයක තියන්න බැහැ. ඒ අතර පරතරයක් තිබිය යුතුයි. ඒ සඳහා මේ වෙනකොට වැටුප් කොමිසමෙන් දීලා තියෙනවා සුත්‍රයක්. ඒ සුත්‍රය අනුව තමයි වැටුප් වැඩි වීම විය යුත්තේ. ඒ වගේම මෙහිදීත් ගැටලුකාරී තත්වයක් ඇති වෙන්න පුළුවන්. ඇති වුණොත් ඒකට වෘත්තීය සමිතියක් හැටියට අපි පිළිතුරු දෙන්න සුදානම්."

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය සෞඛ්‍ය වර්ජනය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා,

"මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවන්ට අංක ගණිතය තේරෙන්නේ නැහැ. මට ඒ ගැන කණගාටුවක් තියෙනවා. උන්වහන්සේ හෙද සේවාව අන්දන්න හදනවා මුසාවාදා කියමින්. කුලපති කෙනෙකුට හෙද නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටින්න බැහැ. බැරි නම් කරන්න පුළුවන් අයට ඉඩ දීලා කරුණාකරලා පැත්තකට වෙලා ඉන්න එක තමයි හොඳ. නිශ්චිත උත්තරයක් දෙනකන් මේ වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා."

මෙම වැඩවර්ජනය හේතුවෙන් අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ කටයුතුවලට ද බාධා සිදුව තිබෙනවා.

හෙද නිලධාරින් 400 ක් පමණ සාමාන්‍යයෙන් දෛනිකව රාජකාරි සිදු කරන එම විද්‍යායතනයේ අද දිනය වනවිට සේවය කරන්නේ හෙද නිලධාරින් 26 දෙනෙකු පමණක් බවයි එහි වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ඩී.විජේසිංහ මහතා කියා සිටියේ.

මේ අතර, ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා කියා සිටියේ අතාවශ්‍ය ඖෂධ කිහිපයක හිඟයක් පවතින බවත් එය මඟහරවා ගැනීමට ඉදිරි දින කිහිපයේදී කටයුතු කරන බවයි.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 09 February 2022 15:09