April 25, 2024

31 වැනිදා ආණ්ඩුවට තීරණාත්මකයි! මහ සඟරුවන අභයාරාමයට කැඳවයි

මහා සංඝරත්නය ලබන 31 වැනිදා අභයාරාමයට එක්රැස් වී රජයේ වත්මන් ක්‍රියාපිලිවෙල සම්බන්ධයෙන් ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව තීරණයක් ගන්නා බව පැවිදි හඬ සංවිධානයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා.

කළකිරච්ච නැති ගෙදරකින් වතුර වීදුරුවක් ගෙනත් දෙන්නැයි තමා ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් ජනාධිපතිවරයා ආණ්ඩුවේ කළමනාකරණය සහ අධීක්ෂණය අතට ගත යුතු බවත් උන්වහන්සේ පෙන්වා දුන්නා.

නාරාහේන්පිට - අභයාරාමයේ ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.

මේ අතර, මෙරට ජාතික සම්පත් විදෙස් රටවල ගොදුරු බවට පත්වීම පිලිබඳ තමන් දැඩි කළකිරීමෙන් සිටින බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.

Rate this item
(1 Vote)
Last modified on Monday, 28 March 2022 09:10

Related items