May 04, 2024

ආරවුල දුර දිග යයි - තරුණයෙකු කපා ඝාතනය කරයි (PHOTOS)

December 27, 2021

කිලිනොච්චිය පුනරින් පොලිස් වසමේ කේදාරිමුනෙයි ප්‍රදේශයේදී තරුණයින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් තියුණු ආයුධයකින් පහර කෑමට ලක් වූ තරුණයෙකු ඊයේ (26) රාත්‍රියේ මියගොස් ඇති බවට පොලිසිය පවසනවා.

කිලිනොච්චිය ආනෙයිකොට්ටෙයි ප්‍රදේශය පදිංචි තරුණයින් පිරිසක් කේදාරිමුනෙයි ප්‍රදේශය වෙතට ගොස් සිටි අවස්ථාවේදී යාපනය ගුරුනගර් ප්‍රදේශයේ සිට තවත් තරුණයින් පිරිසක් බෝට්ටුවක් මගින් සංචාරයක් සඳහා කේදාරිමුනෙයි ප්‍රදේශය වෙතට පැමිණීමෙන් අනතුරුව තරුණයින් දෙපිරිස අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාම මෙම ගැටුමට හේතු වී ඇතැයි අනාවරනය වී තිබෙනවා.

බහින්බස්වීම ගැටුමක් දක්වා වර්ධනය වී අනතුරුව ගුරුනගර් ප්‍රදේශයේ සිට පැමිණි තරුණයන් විසින් තියුණු ආයුධයකින් ආනෙයිකොට්ටෙයි ‍සිට පැමිණි තරුණයකුට පහරදීමෙන් එම තරුණයා බරපතල තුවාල ලැබුවා.

අනතුරුව යාපනයේ සිට පැමිණි තරුණයින් බෝට්ටුවෙන් පලාගොස් ඇති අතර බරපතල කැපුම් තුවාල ලැබූ තරුණයා කිලිනොච්චි මහ රෝහල වෙත ගිලන්රථයකින් රැගෙන යන අතරතුරදී මියගොස් ඇති බවට පොලීසිය පවසනවා.

මෙලෙස ඝාතනය වී ඇත්තේ කිලිනොච්චි අනේයිකෝට්ටේ ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි රංජන් නිරෝෂන් නැමැති අයෙකු බවට හඳුනාගෙන ඇති අතර මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා කිලිනොච්චිය මහරෝහල වෙතට රැගෙන යනු ලැබුවා.

(වන්නි - රොමේෂ් මධුෂංඛ)

 

Rate this item
(0 votes)
Last modified on Monday, 27 December 2021 16:55