May 06, 2024

මම ඔය කතාව කිව්වේ ජනපතිගේ උපදෙස් මත: හිටපු කෘෂි ලේකම්ගෙන් තවත් බෝම්බයක් Featured

December 27, 2021

ඉතා නුදුරේම ආහාර හිඟයක් ඇතිවීම පිළිබඳව තමන් මහජනතාව දැනුවත් කලේ ජනපතිවරයාගේ උපදෙස් වලට අනුව බව සේවයෙන් ඉවත්කල කෘෂිකර්ම ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහතා අනාවරණය කරනවා.

මෙවැනි දේවල් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම ඔබේ වගකීමක් යැයි ජනපතිවරයා තමන්ට පැවසූ බවයි ලේකම්වරයා සදහන් කරන්නේ.

රාජ්‍ය ප්‍රතිපත්ති උල්ලංඝනය

ආහාර හිඟයක් පිළිබදව දැනුවත් කිරීමෙන් රාජ්‍ය ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීමක් සිදු නොවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඩෙංගු අවදානම වැඩිවෙනවා යැයි වෛද්‍යවරයෙක් ප්‍රකාශ කළහොත් එසේ ප්‍රකාශ කළ වෛද්‍යවරයාට හෝ මදුරුවාට බැන වැඩක් තිබෙනවාදැයි ජයසිංහ මහතා ප්‍රශ්න කරනවා.

ආහාර හිඟය ගැන තමා කළ ප්‍රකාශය ජනතාව කුලප්පු කිරීමේ අරමුණින් කළ එකක් නොවන බව පෙන්වා දෙන හිටපු ලේකම්වරයා ආහාර අර්බුදය සම්බන්ධයෙන් ලියුම් ගසා දැනුවත් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් සදහන් කරනවා.

විවිධ පාර්ශ්ව සමග සාකච්ඡා

ආහාර හිඟය ගැන කෘෂිකර්ම අමාත්‍යංශය නිලධාරීන් පමණක් නොව වෙළෙඳ අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් සමග මෙන්ම ඒ විෂය හා බැඳී කණ්ඩායම් සමගද නිරන්තරයෙන් සාකච්ඡා කළ බවයි ඔහු හෙළිදරව් කරන්නේ.

ඒ නිසා අමුතුවෙන් ලියුම් ගසා දැනුවත් කිරීමක් කිරීම අවශ්‍ය නොවන බවත් තමා කළේ අර්බුදය ගැන ජනතාවට අනතුරු ඇඟවීමක් පමණක් බවද හිටපු ලේකම්වරයා අවධාරණය කරනවා.

සේවයෙන් ඉවත් කල කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්වරයා මේ අදහස් පළ කළේ සති අන්ත ජාතික පුවත්පතක් සමග කළ සාකච්ඡාවකදී ඒ සම්බන්ධයෙන් ලැබුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

Rate this item
(1 Vote)
Last modified on Monday, 27 December 2021 12:04