May 06, 2024

ගොවීන්ට රජයෙන් දීමනාවක්! ලබා ගන්නේ මෙහෙමයි

කාබනික පොහොර නිෂ්පාදනය කර ගොවිතැන්වලට භාවිත කරන ගොවීන්ට දීමනාවක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව හෙක්ටයාරයකට රුපියල් 12,500 බැගින් උපරිම වශයෙන් හෙක්ටයාර් 02 (අක්කර 05) නොඉක්මවන පරිදි දීමනාවක් ගෙවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බවයි වාර්තා වන්නේ.

කෘෂිකර්ම අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවේ සඳහන් වන්නේ, 2021 – 2022 මහ කන්නය සඳහා හෙක්ටයාර 800,000 ක පමණ වී වගාව සඳහා කාබනික පොහොර අවශ්‍යතාව සලසා ගැනීම සඳහා අමාත්‍යංශය වැඩපිළිවෙළක් සකස් කර ඇති බවයි.

Rate this item
(0 votes)