April 28, 2024

චීනෙට ගෙව්වේ වන්දියක් නෙමෙයි : ඉවත් කළ ලේකම්ගෙන් මතභේදාත්මක හෙළිදරව්වක් Featured

December 26, 2021

ප්‍රමිතියෙන් තොර පොහොර ගෙන එන ලද චීන පොහොර නැවට ගෙව්වෙ වන්දියක් නොවන බවයි හිටපු කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ හෙළි කරනවා.

ඒ මීට ටික දිනකට පෙර කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් ධූරයෙන් ඉවත්කල මහාචාර්යවරය චීන පොහොර නැවට මුදල් ගෙවූ පදනමද අනාවරණය කරමින්.

මුදල් ගෙවූ එකඟතාවය

චීන පොහොර සමාගම නැවත ශ්‍රී ලංකාවට ප්‍රමිතියෙන් යුතු පොහොර ලබා දිය යුතු එකඟතාවය මත එම මුදල ගෙවූ බවයි මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ.

මුදල් ගෙවීමට එකඟ වී තිබෙන්නේ ඒ පදනමෙන් බව මහාචාර්යවරයා සඳහන් කරනවා.

මහාචාර්යවරයා මේ බැව් හෙළි දරව් කර තිබුනේ ජයන්ත ජාතික පුවත්පතක් සමග සාකච්ඡාවකට එක්වෙමින්.

චීන සමාගමට ගෙවූ මුදල

අදාල චීන සමාගමට අමෙරිකානු ඩොලර් මිලියන 6.7 ක මුදලක් ගෙවීමට අධිකරණයේ දී කෘෂිකර්ම අමාත්‍යංශයේ එකඟ වුණා.

එය ශ්‍රී ලංකාවේ මුදලින් රු. මිලියන 13000 ක් පමණ වනවා.

එම මුදල ගෙවන්නේ වන්දියක් ලෙස බවයි ප්‍රකාශ වුණේ.

Rate this item
(0 votes)
Last modified on Sunday, 26 December 2021 13:44