May 12, 2024

වාසු ෂුවර් නැහැ : මටත් ගහයි - ඇමතිවරයෙක්ම කියයි

December 26, 2021

මතභේදාත්මක ප්‍රකාශ කරන වාසුදේව නානයක්කාර මහතා ජල සම්පාදන ඇමතිවරයාද වනවා.

වතුර බිල්පත් හරි හැටි නොගෙවීම නිසා ජල සම්පාදන මණ්ඩලය මුහුණදී තිබෙන තත්ත්වය ගැනත් ඔහු නිරන්තරයෙන් කරුණු පෙන්වා දෙනවා.

බිල්පත් නොගෙවු ඇමතිවරු

එසේ ජල බිල්පත් නොගෙවූ පිරිස අතර ඇමති නිල නිවාස වල සිටින ඇතැම් ඇමැතිවරුද සිටින බවයි නානායක්කාර මහතා හෙළිදරව් කරන්නේ.

එම ප්‍රකාශය ගැන වඩාත් කලබලයට පත්වූ ඇමතිවරයෙක් ඉන්නවා.

ඒ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතායි.

නිල නිවසේ හිග මුදල

ඔහු සිය අමාත්‍යාංශ නිලධාරීන් හමුවේ සඳහන් කර තිබෙන්නේ තමා සිටින නිල නිවස තමන් පාවිච්චි කළ දා සිට එහි වතුර බිල නිසි අයුරින් ගෙවා ඇතිමුත් එම නිල නිවසට තවමත් රු. 45000 ක ජල බිලක් ගෙවීමට නියමිතව තිබෙන බවයි.

ඒ ගෙවිය යුත්තේ කවුරුන් ද යන්නත් අමරවීර මහතා හෙළි කළා.

එම මුදල ගෙවීම පැහැර හැර තිබෙන්නේ අමරවීර මහතාට පෙර එම නිල නිවස පාවිච්චි කළ පියසේන ගමගේ මහතායි.

වහාම ඒ ගැන සොයා බලා සුදුසු පියවරක් ගන්නා ලෙස අමරවීර ඇමතිවරයා නිලධාරීන්ට දැනුම් දුන්නේ අපූරු කතාවක්ද කියමින්.

"වාසුදේව ඇමතිතුමා ෂුවර් නැහැ.මාධ්‍ය හමුවක් තියලා කියයි මමත් වතුර බිල ගෙවල නැහැ කියලා."

Rate this item
(0 votes)
Last modified on Sunday, 26 December 2021 10:36