March 28, 2024

ලබන සතිය තීරණාත්මකයි: යැව්වෙ නැත්නම් මම ගියා - වාසු කියයි

සිය අමාත්‍ය ධුරය සම්බන්ධයෙන් එළඹෙන සතියේදී තීරණාත්මක තීන්දුවක් ගන්නා බව වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා සදහන් කරනවා.

ඒ ආණ්ඩුවේ සන්ධානගත පක්ෂ 11 කණ්ඩායම මල්වතු - අස්ගිරි මහා නාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින්.

දෙකෙන් එකක්

තමන්ගේ අමාත්‍ය ධූරය සම්බන්ධයෙන් දෙකෙන් එකක් සිදු විය යුතු බව එහිදී අමාත්‍යවරයා සදහන් කළා.

ඒ දෙකෙන් එක ලෙස ඔහු පෙන්වා දුන්නේ එක්කෝ තමන්ව අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ යුතු බවත් නැතිනම් තමන් අමාත්‍ය ධූරයෙන් ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.

තමන් කැබිනට් ඇමැති ධුරයේ කටයුතු නොකිරීමට මෙන්ම කැබිනට් රැස්වීම් වලට සහභාගී නොවීමට තීරණයක් ගත්තේ විරෝධයක් පළ කිරීමට බව පෙන්වා දෙන ඇමතිවරයා එම අභියෝගයට පිළිතුරු තමාවත් ඇමති ධූරයෙන් ඉවත් කිරීම බවයි ඔහු පෙන්වා දෙන්නේ.

අභියෝගයට ආණ්ඩුවේ ප්‍රතිචාරය

ඒ අභියෝගය ආණ්ඩුව පිළිනොගන්නේ නම් තමන්ට තීන්දුවක් ගැනීමට සිදුවන බවයි ඇමතිවරයා පෙන්වා දුන්නේ.

කොහොමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග ගනුදෙනු කරද්දී තමන්ට කෙසේවත් ඇමති ධුරයේ සිටිය නොහැකි බව ඔහු අවධාරණය කරනවා.

නානායක්කාර මහතා වත්මන් ආණ්ඩුවේ ජල සම්පාදන අමාත්‍යවරයායි.

නානායක්කාර මහතා එම අමාත්‍ය ධූරයේ වැඩ කටයුතු නොකිරීමට තීරණය කළේ සිය කිට්ටුතම සගයන් 2 දෙනා වන විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන මහත්වරුන්ව ජනපතිවරයා විසින් ඇමති ධුරවලින් ඉවත් කිරීමට ගත් තීන්දුවට විරෝධය පෑමක් ලෙසටයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 25 March 2022 22:48