May 06, 2024

කාබනික පොහොර ගැන අලුත් තීරණයක් Featured

කාබනික පොහොර නිෂ්පාදනය කරන ගොවීන් සඳහා මුදල් ලබා දීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව, හෙක්ටයාරයක් සඳහා කාබනික පොහොර නිෂ්පාදනය කරන ගොවියෙකුට රුපියල් 10,000ක මුදලක් ලබාදීමටයි තීරණය වී ඇත්තේ.

මෙය තීරණය කර ඇත්තේ ලබන මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය හා සැපයුම පිළිබඳ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දීයි.

එළඹෙන මහ කන්නය වෙනුවෙන් සැප්තැම්බර් මුල වන විට නිෂ්පාදනය කළ හැකි කාබනික පොහොර ප්‍රමාණයන් පිළිබඳව ද මෙහිදී දීර්ඝව සාකච්ඡා කර ඇති බව සඳහන්.

Rate this item
(6 votes)
Last modified on Saturday, 19 June 2021 09:03