April 23, 2024

දේශීය පොහොර ගන්න කැබිනට් අනුමැතිය

ඉදිරි යල කන්නයේදී ගොවීන්ට ලබාදීම සඳහා දේශීයව නිෂ්පාදනය කරන පරිසර හිතකාමී කාබනික පොහොර රජයේ පොහොර සමාගම් දෙක මගින් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. 

කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් විසින් වී වගාව සඳහා සකස් කරනු ලබන පරිසර හිතකාමී පොහොර නිර්දේශ සැලකිල්ලට ගනිමින් මෙම පොහොර මිලදී ගැනීමට නියමිතයි.

පොහොර සහනාධාර වැඩසටහන යටතේ වෙන් කර ඇති ප්‍රතිපාදන භාවිතයට ගෙන මෙම මිලදී ගැනීම් කිරීමටත් අනුමැතිය හිමිව තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 12 January 2022 11:05