May 13, 2024

තවත් ගෑස් ජාවාරමක් හෙළි වෙයි - ජනතාව කුපිත වෙයි (PHOTOS)

December 27, 2021

හැටන් නගරයේ ලිට්‍රෝ ගෑස් අලෙවි කරන ප්‍රධාන අලෙවි නියෝජිතවරයෙකු වැඩි මිලට ගෘහස්ථ ගැස් සිලින්ඩර් අලෙවි කිරිමේ ජාවාරමක් ඊයේ (26) රාත්‍රියේ අනාවරණය කර ගැනිමට අපට හැකි වුණා.

ලිට්‍රෝ ගෑස් සමාගම විසින් කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 2765/= මිලකට අලෙවි කල යුතු අතර, හැටන් ප්‍රදේශයේ ගෑස් අලෙවි නියෝජිතයන් විසින් ගෑස් තොග තම අලෙවිසැලේ නොමැති බව පවසමින් ගෑස් අලෙවිසැල් වසා දමා සමාගම විසින් ලබාදෙන ගෑස් තොග වෙනත් ස්ථාන වල ගබඩා කර තම වෙලදසැලේ වෙලද සහයකයාගේ සහයෝගය ඇතිව ඇණවුම් ලබාගෙන එම ගෑස් තොග පාරිභෝගිකයාගේ නිවසට හෝ වෙලදසැලට ගොස් රුපියල් 3500/= මිලකට අලෙවි කිරිමට කටයුතු කර තිබෙනවා.

හැටන් නගරයේ ආපනශාලාවකට ඊයේ (26) රාත්‍රියේ හැටන් ගෑස් අලෙවි නියෝජිතයෙකුගේ වෙලද සහයකයා ත්‍රිරෝද රථයකින් ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 03 රැගෙන විත් අධික මිලකට අලෙවි කරන ආකාරය අප වාර්තාකරුගේ කැමරාවේ සටහන් වුණා.

ලිට්‍රෝ ගෑස් සමාගම විසින් අලෙවි නියෝජිතයාගේ අලෙවිසැලට පමණක් ගෑස් තොග ලබාදිය යුතුව ඇතත්, ගෑස් තොග ප්‍රවාහනය කරන ලොරි රථ රියදුරන්ගේද සහයෝගය ඇතිව අලෙවිසැලින් පිට හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේදි වෙනත් ලොරි රථවලට ගෑස් තොග  මාරු කර එම ගෑස් තොග අලෙවි නියෝජිතයාට අයත් වෙනත් ස්ථානයක සගවා මෙම ජාවාරම සිදු කරන බවයි හැටන් ප්‍රදේශයේ ගෑස් පාරිභෝගිකයන් කියා සිටින්නේ.

ඊයේ (26) රාත්‍රියේ මෙසේ ගෑස් වැඩි මිලට අලෙවි කරන අවස්තාවේ ගෑස් අලෙවි නියෝජිතයාගේ සහයකයා සහ ප්‍රදේශවාසින් අතර උණුසුම් තත්ත්වයක්ද ඇති වුණා.

(හැටන් රංජිත් රාජපක්ෂ)

Rate this item
(0 votes)
Last modified on Monday, 27 December 2021 14:26