May 17, 2024

මාරක අනතුරක් - විනාඩි 40ක දැඩි වෙහෙසත් ව්‍යර්ථ වෙයි (PHOTOS)

December 27, 2021

තඹලගමුව පොලිස් වසමට අයත් මොල්ලිපොතන 96 ප්‍රදේශයේදි  අද (27) අලුයම සිදු වු ටිපර් රථ හා ලොරි රථ අනතුරකින් ලොරි රථයේ රියදුරු මියගොස් ටිපර් රථයේ රියදුරු තුවාල ලැබු බව පොලිසිය පවසනවා.

ඩොලමයිට් පටවාගත් ටිපර් රථය ත්‍රිකුණාමලය දෙසට ගමන්කර ඇති අතර සිමෙන්ති පටවාගත් ලොරි රථය ඊට ප්‍රතිවිරුද්ධ දිසාවෙන් ගමන් කරද්දි 96 ප්‍රදේශයේ පාලමක් මතදි වාහන දෙක මුහුණට මුහුණ ගැටි ඇතැයි මුලික විමර්ශණයෙන් පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

අනතුර හේතුවෙන් මාර්ගයේ රථවාහන ධාවන කටයුතු පැයකට ආසන්න කාලයක් ඇනහිට තිබු අතර මියගිය ලොරි රථයේ රියදුරු ලොරි රථයේ සිර වී විනාඩි 40ක දැඩි වෙහෙසකින් පසු මුදා ගත්තද ඔහු මියගොස් ඇතැයි පොලිසිය පැවසුවා.

ඩොලමයිට් පටවාගත් ටිපර් රථය අදික වේගයෙන් ධාවනය වි ඇති අතර ලොරියේ ගැටෙනවාත් සමග ඩොලමයිට් අවට විසිරි ගොස් තිබුන බවද පොලිසිය පැවසුවා.

(ත්‍රිකුණාමලය අමදෝරු අමරජිව)

Rate this item
(0 votes)
Last modified on Monday, 27 December 2021 16:56