May 02, 2024

කිරිපිටි සමාගමේ අලෙවි සැල වෙළඳසැලක් කරලා (PHOTOS)

December 27, 2021

දේශිය කිරිපිටි සමාගමක නිෂ්පාදිත කිරිපිටි සහ අනෙකුත් ආහාර ද්‍රව්‍ය පාරිභෝගිකයන්ට ලබා දිමේ අරමුණින් එම සමාගම විසින් බගවන්තලාව නගරයේ මීට වසර කිහිපයකට ප්‍රථම ඉදි කරන ලද අලෙවිසැල මේ වන විට වෙනත් ආහාර ද්‍රව්‍ය අලෙවි කරන තොග සහ සිල්ලර වෙලදසැලක් බවට පත් කර තිබෙනවා.

බගවන්තලාව බස් නැවතුම්පොල අසල එම සමාගම විසින් බගවන්තලාව ප්‍රදේශයේ පුද්ගලයෙකුට ගිවිසුම් ගතව එම අලෙවි වෙලදසැල ඉදි කර තිබෙනවා.

වසර කිහිපයක් එම අලෙවිසැලේ එම සමාගමේ නිෂ්පාදන ද්‍රව්‍ය අලෙවි කර පසුව එම අලෙවිසැල තාවකාලිකව වසා දමා තිබුණා.

මේ වන විට එම අලෙවිසැල නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ සභාපතිරයා විසින් ස්ථිර ගොඩනැගිල්ලක් වශයෙන් ඉදි කර වෙනත් ආහාර ද්‍රව්‍ය තොග සහ සිල්ලරට භාණ්ඩ අලෙවි කිරිමේ වෙලදසැලක් වශයෙන් වෙනස් කර තිබෙනවා.

එම වෙලදසැල ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාගේ හිතවතෙකු විසින් ව්‍යාපාර කටයුතු සිදු කරමින් සිටින බවද බගවන්තලාව ප්‍රදේශවාසින් කියා සිටිනවා.

ඒෂියන් මිරර් අපි මේ සම්බන්ධයෙන් නෝර්වුඩ් ප්‍රාදේශිය සභාවේ සභාපති රවි කුලන්දවේල් මහතාගෙන් කල විමසුමකදී ඔහු කියා සිටියේ වෙනත් අයෙකු විසින් පවත්වා ගෙන ගිය එම අලෙවිසැල ප්‍රාදේශිය සභාව වෙත පවරාගෙන සභාවේ අනුමැතියට යටත්ව ස්ථිර ගොඩනැගිල්ලක් වශයෙන් ඉදි කර සභාවට ආදායමක් ලැබෙන සේ වෙලදසැල පවත්වාගෙන යාමට වෙනත් අයෙකුට ලබාදුන් බවයි.

(හැටන් - රංජිත් රාජපක්ෂ)

Rate this item
(0 votes)
Last modified on Monday, 27 December 2021 16:57