April 19, 2024

කිරි පිටි වලටත් බඩු හරි: කිලෝව 300 කින් ඉහළට ? Featured

කිසිම භාණ්ඩයක මිල පත්වාගෙන යෑමට නොහැකි ආකාරයට රටේ ආර්ථිකය බිඳ වැටී අවසන්.

මේ නිසා සෑම භාණ්ඩයක්ම දිනපතාම ඉහළ යනවා.

සංගමයේ තීරණය

ආනයනික කිරි පිටි මිලද වහාම වැඩි කිරීමට කිරි පිටි ආනයනකරුවන්ගේ සංගමය තීරණය කොට ඇති බව දැනගන්නට තිබෙනවා.

ඒ අනුව පහත සඳහන් ආකාරයට මිල ගණන් වැඩි කිරීමට එම සංගමය තීරණය කොට තිබෙනවා.

කිලෝ එකක පැකට්ටුව රු. 300 කින් සහ කිලෝ ග්‍රෑම් 400 පැකට්ටුව රු.130 කින් වැඩි කරන බවයි එම සංගමය ප්‍රකාශ කරන්නේ.

වැඩි කිරීමට හේතුව

ඊට හේතුව ලෙස එම සංගමය පෙන්වා දෙන්නේ ලෝක වෙළෙඳ පොළේ කිරිපිටි මිල ගණන් ඉහළ යෑමයි.

මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සහ පාරිභෝගික අයිතීන් සුරැකීමේ අධිකාරිය දැනුවත් කොට ඇති බවයි එම සංගමයේ වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Rate this item
(1 Vote)
Last modified on Friday, 11 March 2022 11:14