April 24, 2024

කිරි තේ වල ප්‍රමිතියේ අවුලක් - යළි මිල ගණන් වල වෙනසක්?

ආනයනික කිරි පිටි මිල ඉහල දැමුවද වෙළඳපොලේ මිලදී ගැනීම සදහා කිරිපිටි නොමැති බවට පාරිභෝගකයින් චෝදනා කරනවා.

එමෙන්ම, දේශීය දියර කිරිද අලෙවි කිරීම සදහා ප්‍රමාණවත් තොග නොලැබෙන බවයි වෙළදුන් පවසන්නේ.

ග්‍රෑම් 400 ආනයනික කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 250කින් එනම් රුපියල් 790 දක්වා සහ ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 1945ක් දක්වා රුපියල් 600කින් ඉහල දැමීමට කිරිපිටි ආනයනකරුවන් පියවර ගත්තා.

මෙලෙස කිරිපිටි මිල ඉහල යාමත් සමඟ ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට කිරි තේ එකක මිල රුපියල් 100ක් දක්වා ඉහල දැමීමට සිදුවන බවයි ආපන ශාලා හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, මිල වැඩිකලද ඊට සරිලන ලෙස කිරි තේ කෝප්පයක් නොලැබෙන බවට පාරිභෝගිකයින් චෝදනා කරනවා.

මේ අතර, දිනෙන් දින බඩුමිල ඉහල යාම හමුවේ දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුව ඇති බවයි පාරිභෝගිකයින් පවසනවා.

Rate this item
(0 votes)