April 20, 2024

හෙට සිට කිරිපිටි වලට වෙන දේ - පෝලිමේ ඉන්න අයටත් තරු පෙනෙයි Featured

December 30, 2021

ආනයනික කිරිපිටි මිල හෙට දිනයේ සිට යළි ඉහළ නැංවෙන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 150කින් සහ ග්‍රෑම් 400 කිරි පිටි පැකට්ටුවක මිල රුපියල් 60කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝවක නව මිල රුපියල් 1345ක් සහ ආනයනික කිරිපිටි ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 540ක් දක්වා ඉහළ යනු ඇති.

සති 9ක කාලයක් තුල ආනයනික කිරිපිටි ඉහල දැමු දෙවැනි අවස්ථාව මෙයයි.

මිට මාස කිහිපයකට පෙර වෙළඳපොලේ කිරිපිටි හිඟයක් මතු වූ අතර ආනයනකරුවන් පැවසුවේ ඩොලර් අර්බුධය හේතුවෙන් කිරිපිටි මිල ඉහල දැමිය යුතු බවයි. 

ඒ අනුව කිරිපිටි පාලන මිල ඉවත් කෙරුණු අතර පසුගිය ඔක්තෝම්බර් 9 වනදා මේ වසරේ මුල් වරට කිරිපිටි මිල ඉහල ගියා.

එහිදී ආනයනික කිරිපිටි කිලෝ ග්‍රෑමයක් 250කින් සහ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 100කින් මිල ඉහල දැමුවා.

මේ අතර යලිත් මතුව ඇති කිරිපිටි හිඟය හේතුවෙන් කිරිපිටි මිලදී ගැනීමට ඇතැම් ප්‍රදේශ වල ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටින ආකාරය දැක ගැනීමට හැකි වූ අතර යලිත් වරක් මිල ඉහල යාම සම්බන්ධයෙන් පාරිභෝගිකයන් දැක්වුයේ මෙවන් ප්‍රතිචාරයක්.

"දැන් මාස ගානක් තිස්සෙම පෝලිමේ. උදේට එනවා හවසට යනවා. දරා ගන්න අමාරුයි."

"රුපියල් 1000 රුපියල් 100ක් වගේ කඩේට ගෙනාවම."

"තේ එකක් බොන්නම ඔනෙනේ උදේට. ඒක බිලානේ ලෙලි හරි මිනිබිරි හරි කන්න මොනා හරි දෙනකන් ඉන්නේ."

"තේ එකක් බිලා තමයි වේල පිරිමහ ගන්නේ. සමහර වෙලාවට දරුවෝ කන්න එනකන්."

"මොකක්ද කරන්නේ මේ අපරාධ. ජිවත් වෙනවාට වැඩිය හොඳයි මැරෙනවා."

මේ අතර ආනයනික කිරිපිටි මිල ඉහළ යාමට සාපේක්ෂව දේශීය කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුව රුපියල් 20කින් ඉහළ දැමීමට සිදුවන බව කිරි, බිත්තර, ගොවිපල සංවර්ධන හා පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් මහතා පවසනවා.

කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා මෙලෙස මිල ඉහළ දැමීමට සිදුවන බවයි.

හෙට තවත් මිල වැඩිවීමක්! කිරිපිටි ඕන නම් යෝගට් ගැනීමත් අනිවාර්යය කෙරෙයි!

Rate this item
(0 votes)
Last modified on Thursday, 30 December 2021 15:15