April 26, 2024

හිටපු මන්ත්‍රීගේ නිවසට ප්‍රහාරයක් - දේපොළ වලට දැඩි හානි Featured

February 17, 2022

යාපනය තෙලිප්පලෙයි පොලිස් වසමට අයත් අලවෙඩ්ඩි බටහිර ප්‍රදේශයේ පදිංචිව සිටි හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ නිවසකට ඊයේ (16) රාත්‍රියේ නාදුනන පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කොට දේපල හානි කරමින් පලා ගොස් ඇතැයි පොලීසිය පවසනවා.

එලෙස හානි සිදු කර ඇත්තේ අලවෙඩ්ඩි බටහිර ප්‍රදේශයේ පදිංචි දෙමළ ජාතික ජනතා පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වූ නල්ලයියා පුරට්සිදාස නැමත්තාගේ නිවසටයි.

එම පිරිස ගෙමිදුලේ දේපල රැසකට හානි කොට යතුරුපැදියකටද දැඩි හානි කොට පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අදාල පහරදීම සිදු වන අවස්ථාවේදී හිටපු මන්ත්‍රීවරයා නිවස තුල සැඟව ඇති අතර ප්‍රහාරයෙන් පසුව තෙලිප්පලෙයි පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

අනතුරුව අදාල ප්‍රහාරය පිළිබඳව පරික්ෂණ අරඹා ඇති අතර මේ දක්වා කිසිවෙකුත් හඳුනාගෙන නොමැති බවද තෙලිප්පලෙයි පොලීසිය වැඩිදුරටත් පැවසුවා.

Rate this item
(1 Vote)