May 05, 2024

සභාව මැද බෝතල් ප්‍රහාර සමඟින් ගුටිබැට හුවමාරුවක් - මන්ත්‍රීවරු හු කියා යකා නටයි (VIDEO)

December 30, 2021

වාරියපොල ප්‍රාදේශීය සභාවේ මහ සභා රැස්වීම ගුටිබැට හුවමාරු හේතුවෙන් විනාඩි 45කට සීමා වූ අතර එළැඹෙන 2022 වර්ෂය සදහා වූ අයවැය වාර්තාව දෙවරක් පරාජය වී ඇති බැවින් වත්මන් සභාපතිවරයාට මහ සභාව කැදවීමට කිසිදු නීතිමය හැකියාවක් නොමැති බවට මන්ත්‍රීවරුන් 21දෙනකු විරෝධය දැක්වීම හේතුවෙන් නොසන්සුන්තාවය ඇති වුණා.

මෙහිදී සභාපතිවරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රී ජයතිස්ස මාකුඹුර මහතා අතර උණුසුම් වචන හුවමාරු සිදු වූ අතර මන්ත්‍රීවරුන් පානීය ජල බෝතල්වලින් පහරදී ගන්නා අයුරු ද දක්නට ලැබුණා.

සභාපති ඩී.එම්.ටී.බී. දිසානායක මහතා කියා සිටියේ අයවැය වාර්තාව දෙවරක් පරාජය වී ඇති අවස්ථාවක සභාව පවත්වාගෙන යාම හෝ සභාපති ධූරයෙන් ඉවත්වීම ආණ්ඩුකාරවරයා දැනුම්දිය යුතුව ඇති බවයි.

Rate this item
(0 votes)