May 19, 2024

රාජ්‍ය සේවකයන්ට නිවේදනයක් - සඳුදා සිට ක්‍රියාත්මකයි

December 30, 2021

ලබන ජනවාරි මස 03 වනදා සිට සියලුම රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි සේවයට කැඳවීමට තීරණය කර තිබෙනවා.

කොවිඩ් වසංගතය හේතුවෙන් ආයතන ප්‍රධානීන්ගේ අභිමතය පරිදි රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීමට මීට පෙර අවස්ථාව ලබාදී තිබූ බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා පැවසුවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලබාදී  ඇති  මාර්ගෝපදේශවලට අනුකූලව කටයුතු කරන ලෙස ද සියලු කාර්ය මණ්ඩල වෙත රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය උපදෙස් ලබාදී තිබෙනවා.

Rate this item
(0 votes)