May 03, 2024

ඩිලාන්, කැටගොඩ ඇතුළු ආණ්ඩුවේ තවත් මන්ත්‍රීවරු 05කට තනතුරු

09 වන පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරු සහ සහකාර සංවිධායකවරු, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් පත්වීම් ලිපි භාර ගෙන තිබේ. 

එම පත්වීම් ලිපි භාර ගෙන ඇත්තේ පාර්ලිමේන්තුවේදීය.

ඒ අනුව ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරු ලෙස ඩිලාන් පෙරේරා සහ ජයන්ත කැටගොඩ යන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් පත්කර තිබේ.

ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායකවරුන් ලෙස පත්කර ඇත්තේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන ජගත් පුෂ්පකුමාර, මොහොමඞ් මුසම්මිල් සහ අසංක නවරත්නයි.

අග‍්‍රාමාත්‍යවරයා විසින් ලබාදුන් මෙම තනතුරු, කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති බව අග‍්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කළේය.

Rate this item
(0 votes)