සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව අඩු කර ගෙන තිබෙන බවට වාර්තා වනවා.
ඒ රටේ පවතින ආර්ථික තත්වය සැලකිල්ලට ගෙනයි.
පාර්ලිමේන්තු ආරංචි මාර්ග පැවසූවේ මේ සම්බන්ධයෙන් ඇතැම් මන්ත්‍රීවරුන් සිය නොසතුට පළ කර ඇති බවයි.
මුදල් අමාත්‍යාංශයේ උපදෙස් අනුව එම දීමනාව මෙසේ අඩු කර ඇති බව වාර්තා වනවා.
සාමාන්‍යයෙන් මන්ත්‍රීවරයකු මාසිකව ලබා ගන්නා ඉන්ධන ලීටර් ප්‍රමාණය අනුව ඉන්ධන ලීටරයක වෙළෙඳපොළේ මේ මොහොතේ පවතින මිල අනුව ඉන්ධන දීමනාව ඔවුනට ගෙවීම මේ දක්වා සිදුවූ නමුත් මන්ත්‍රීවරුන්ගේ මේ මාසයේ වැටුපට ඉන්ධන දීමනාව එකතු කර ඇත්තේ ඉන්ධන ලීටරයක පැරණි මිල අනුව බව එම ආරංචි මාර්ග සඳහන් කළා.
කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයකු වෙනුවෙන් මාසයකට ඉන්ධන ලීටර් 355ක් ලබා දෙන අතර යාපනය දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයකුට ලබා දෙන ඉන්ධන ලීටර් ප්‍රමාණය 600ක්.